hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 22, පෙ.ව. 11:09



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මංගල අයවැය පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා.

එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ සංශෝධනයන්ට එකඟව අයවැය සඳහා සියලුදෙනා සහාය දැක්විය යුතු බවයි.

“රාජ්‍ය ආයතන කිහිපයක් ප්‍රතිව්‍යූහගත කිරීම ගැන මෙවර අයවැයෙන් අවධානය යොමු කර තිබෙනවා. ඒ අතර ලාභ ලබන රාජ්‍ය ආයතනද තියෙනවා. එනිසා පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ ලබන තැනට ගෙන ඒමට අව්‍යශ පියවර ගැනීම තමයි අප මුලින්ම කළ යුත්තේ. එනිසා මොන ආර්ථික අභියෝගයක් යටතේ වුවත් මෙරටේ සම්පත් විකුණන එක අපේ ප්‍රතිපත්තිය නොවන බව මා අදත් ඔබට සිහිපත් කරනු කැමැත්තෙමි.” යනුවෙන් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.

මේ අතර අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, කිසිවිටෙකත් ජනතාව අතහැර තමා පළා නොගිය බවය.

“ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් නව ආර්ථිකයක් නිර්මාණය කරන බව අයවැයෙන් පෙන්වා දුන්නා. එවැනි ආර්ථිකයක් බිහි කරන්නම් අපි කළ යුතු දිගු කාලීන හා කෙටි කාලීන කටයුතු රැසක් තියෙනවා. මේ හැමදේම අපි තේරුම් ගත යුත්තේ ගෝලීය ආර්ථික හා දේශපාලන ක්‍රියාවලිය යථාර්ථයන් සමගයි. එවැනි උපායමාර්ගීක මාර්ගික සැලස්මක ගමන් කළොත් විතරයි අපිට සුබවාදී අනාගතයක් නිර්මාණය කළ හැකි වන්නේ. ඒ නිසා සංශෝධනයන්ට යටත්ව අපි සියලුදෙනාගේ සහයෝගය එයට ලබාදීම වැදගත්.” යැයිද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: