hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 19, ප.ව. 12:05



පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් කෝටි දහයක් ගෙවීමට නියම වූ මුදල ගෙවීමට තමාට මුදල් නැති නිසා පළාත් පාලන ඡන්දයට නාමයෝජනා භාර ගැනීම අවසන් වීමෙන් පසු එම මුදල තම හිතවතුන්ගෙන් එකතු කර ගැනීමේ ව්‍යාපාරය කොළඹින් ආරම්භ කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පසුගිය අඟහරුවාදා එක්තරා පුද්ගලයෙකු තමා වෙත පැමිණ ඔහු කැටයකට එකතු කර තිබූ මුදලක් තමා වෙත පිරිනැමූ බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ වසර තිහක කාලයක් තමා මන්ත්‍රීවරයකු හා ඇමතිවරයකු ලෙස කටයුතු කළ කාලය තුළ හා වසර පහක කාලයක් ජනාධිපති ලෙස සේවය කළ කාලය තුළ ලැබුණු දීමනා හැර තමාට ආදායමක් ලෙස වෙනත් ආදායම් ලැබී නැති බවත් තමා එම ධූරවල සිටි කාලය තුළ සිය වත්කම් මැතිවරණ කොමිසමට හා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර තිබෙන බවත් ඔහු කියා සිටියා.

තමාට වෙනත් ඉඩකඩම් හෝ ව්‍යාපාර නැති බව ද කී මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ තමාගේ නිවස ඉදිකර ගත්තේ ද මන්ත්‍රී ධූරය දරන කාලයේ රජයේ බැංකුවකින් ලබාගත් ණය මුදලකින් බව ද ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: