hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 24, ප.ව. 2:47



පුද්ගලාභිවන්දන යුගය අවසන් කර ඒ වෙනුවට වැඩපිලිවෙලක්, ප්‍රතිපත්තියක් රජ කරවන යුගයක් අරඹන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ඊයේ (23) උත්තර ලංකා සභාව විසින් මහරගම තරුණ සේවා සභා ශාලාවේ දී පවත්වන ලද ජන සමුළුවක් අමතමිනි.

“77න් ඇරඹි පරාධීන ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව්!” යන තේමාව යටතේ පැවති මෙම ජන සමුළුව අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වුවා.

“නායකයෝ හදලා නායකයෝ ජනතාවගේ බලාපොරොත්තු කුඩු පට්ටම් කරලා දාලා ජනතාව දැන් හති වැටිලා ඉන්නේ. 2015 දී යහපාලනයක් හදන්න සිරිසේන මහත්තයා ගෙනාවා. ආණ්ඩුව බලයට ඇවිත් මාස දෙකක් යන්න කලින් ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම මහ බැංකු බැඳුම්කර වංචාව සිදු කලා. ඒ විතරක් නොවේ ජාතික ආරක්ෂාව බිංදුවට වට්ටලා පාස්කු ප්‍රහාරය සිදු වුණෙත් ඔය යහපාලන කාලයේ දීම තමයි. දැන් ඔන්න සිරිසේන ජනාධිපතිවරයා කියනවා පාස්කු ප්‍රහාරය කලේ කවුද කියලා මම දන්නවා. අධිකරණය නියෝග කලොත් තොරතුරු හෙලි කරනවා කියලා. හිටපු ජනාධිපතිතුමනි. අපරාධයක තොරතුරු හෙලි කරන්න ඕනි පොලිසියට මිස උසාවියට නොවේ. විමර්ශන කරන්නේ පොලිසිය. ඒ නිසා වහාම ගිහින් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන්න. අපරාධයක් පිළිබඳ තොරතුරු සඟවා ගෙන සිටීම වරදක්. ආණ්ඩු විරෝධි කුමන්ත්‍රණයක් ත්‍රස්තවාදි ක්‍රියාවක් පිළිබඳ තොරතුරු සඟවා ගෙන ඊටත් වඩා බරපතල වරදක්. වසර දහයක සිර දඬුවමක් ලබා දිය හැකි වරදක්. දයාසිරි ජයසේකර මැතිතුමනි, සිරිසේන මහත්තයා වැලිකඩට යන කොට ඩාර්ලි පාරට ගිහින් නායකත්වය භාර ගන්න දැන් ලැහැස්ති වෙන්න.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: