hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 11:51



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වමේ පක්ෂ එක්ව පිහිටුවනු ලබනවා යැයි කී සන්ධානයට උත්තර ලංකා සභාගය නොමැති බව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

තමන් හදන සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොමැති බවත් තමන් ඇතුළු කණ්ඩායම හදන්නේ තමන්ගේම සන්ධානයක් බවත් වීරවංශ මහතා කියා සිටියා.

ඒ වගේම ඉදිරියේදී තමන් ප්‍රමුඛ පිරිසගේ ආණ්ඩුවක් නිර්මාණය කරන බවද පෙන්වා දෙන ඒ මහතා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇතුළු පිරිස සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ඔවුන් මීට පෙර විපක්ෂයට එක්වූවානම් වඩාත් සුදුසු යැයිද කියා සිටියා.

“අපට මේ රට වටිනවා. අපට මේ රට හදන්න පුළුවන්. ජනයාගේ විශ්වාසය දිනා ගන්න ඕන. කැපවීම ඕනැ. එකම මාවතකට රට යොමු කිරීමයි මේ උත්සාහය.” යැයි වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කළේ වමේ පක්ෂත් එකතු කරගෙන ආණ්ඩුවක් හදන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: