hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 20, ප.ව. 12:29



ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි ජනතා හිතකරත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක දැක්වෙනවා.

ඒ අනුව ඔහුට පැවැති ජනතා හිතකරත්වය සෘණ ලකුණු 28ක් දක්වා ලකුණු 16කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි ජනතා හිතකරත්වය සෘණ 58ක් දක්වා ලකුණු 14කින් අඩුව තිබෙනවා.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවැති ජනතා හිතකරත්වය සෘණ 46ක් ලෙස නොවෙනස්ව පවතිනවා.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එම අගය සෘණ 78ක් ලෙස දැක්වෙන අතර එය නායකයෙක් කෙරෙහි ඇති ඉහළම සෘණාත්මක ලකුණු සංඛ්‍යාවයි.

මෙහි කැපී පෙනෙන ලක්ෂණය වන්නේ සියලුම නායකයන් කෙරෙහි ජනතා හිතකරත්වය සෘණ අගයක පැවැතීමයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: