hit counter

2024 සැප්‍තැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 20, ප.ව. 2:40



ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නැන්දම්මා ( බිරිඳගේ මව ) , දරු දෙදෙනා , සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් නෑදෑ කාන්තාවක් අද (20) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ “සේද මාවත ” (Silk Route ) පර්යන්තය ඔස්සේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

මෙම තොරතුර කටුනායක ගුවන් තොටුපොළ අංශ කීපයකම නිලධාරීන් සනාථ කළහ.

මෙම පිරිස අද (20) උදෑසන 10.05 ට ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ.

එක් ගුවන් මගියෙකුට ඇමෙරිකානු ඩොලර් 52 බැගින් අය කරන සේද මාවත පර්යන්තය ඔස්සේ ඔවුන් අදාළ ගුවන් යානය වෙත පිවිස තිබේ.

ඇමෙරිකාව වෙත ශ්‍රී ලංකාවේ සිට ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක නොවන අතර මොවුන් ද ඩුබායි වෙත ගොස් බොහෝ විට ඇමෙරිකාව බලා පිටත්ව යාමට සැළසුම් කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග ඒෂියන් මිරර් වෙත පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: