hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 25, පෙ.ව. 8:36



විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවීමට විපක්‍ෂයේ සියලු පක්‍ෂ එකඟ වූ බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරනවා.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ (24) පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණි බවත් ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන මර්දනකාරී පනත්වලට විරුද්ධවීමට ක්‍රියාකරන බවත් හෙතෙම සඳහන් කළා.

මෙම සන්ධානය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව විපක්‍ෂයේ අසුන්ගෙන සිටින සාමාජිකයන් ද එකඟතාව පළ කළ බව පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරි ජනාධිපතිවරණය දක්වා මෙම සන්ධානය පවත්වාගෙන යන බව ද ප්‍රකාශ කළා.

ඒ අනුව ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන  ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වලට එරෙහිව දැවැන්ත බලවේගයක් ලෙස එක්ව කටයුතු කිරීම උදෙසා විපක්ෂයේ කණ්ඩායම් රැසක් ඊයේ මුලපුරනු ලැබුවා.

වර්තමානයේ උද්ගතව ඇති දේශපාලනික, ආර්ථික හා සමාජයීය ප්‍රශ්න හමුවේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අත්තනෝමතික, වැඩපිළිවෙළට එරෙහිව  විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකට එක්වී පොදු වැඩපිළිවෙලක් සැකසීම සඳහා සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් රැසක් ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී එක්විය.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජාත්‍යන්තරය සමග ගණුදෙනු නොකර, ළිං මැඩි සංකල්පය තුළ හිඳිමින් රටකට පෙරට යා නොහැකි බවත් අප කළයුත්තේ ජාත්‍යන්තර සමග සංවාදශීලී වැඩපිළිවෙළක් හරහා හොදම දේ දිනාගැනීම බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රකාශ කළා.

ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු පනත් බොහොමයක් මේ රටේ මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් එබැවින් ඒවට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග විපක්ෂය එක්ව ගත යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළා.

PTA සහ ATA වෙනුවට විකල්ප වැඩපිළිවෙළක් සකස් කළයුතු බව එහිදී විපක්ෂ නායකවරයා පැවසූ අතර, ඊට මහාචාර්ය ජී එල් පීරිස්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉම්තියාස් බකීර් මාකර්, චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, උදය ගම්මන්පිල, වීරසුමන වීරසිංහ, ගජේන්ද්‍ර පොන්නම්බලම්, දයාසිරි ජයසේකර, ගෙවිදු කුමාරතුංග, ඇතුළුව මන්ත්‍රීවරු කණ්ඩායමක් ඒ සඳහා සුදුසු ලෙස පත්තර ගන්නා ලෙසද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: