hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 06, ප.ව. 3:03



කොත්තු රොටි ​සාදන ආකාරයට ආර්ථිකය හදා, බුද්ධි ගලනය නතර කිරීමට හැකියාවක් නැතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

වර්තමානයේ බුද්ධිගලනය ගෝලීය ප්‍රවණතාවයක් බවට පත්ව ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා අමෙරිකාවේ, එංගලන්තයේ , ඉන්දියාවේ පවා බුද්ධි ගලනය සිදුවන බව පෙන්වා දුන්නා.

බුද්ධි ගලනය මෙරට තුළ පමණක් සිදුවන දෙයක් බවට ඒත්තු ගැන්වීමට විපක්ෂය උත්සාහ දරන බවත්, පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා මෙවැනි දේ සමාජගත කිරීමෙන් වළකින ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැර යාමේ ප්‍රවණතාවය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: