hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 11, ප.ව. 3:18



ලෝක දේශපාලනයේ සිදු ව ඇති වෙනස් වීම්වලට සමගාමී ව තම පක්ෂය ද වෙනස් වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

ජාතික ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර සහ තමන් ඉන්දියාවේ සංචාරයක නිරත වූයේ එරට රජයේ ආරාධනයකට අනුව බවත් දින10ක සංචාරය දින 05කට අඩුකරගත් බවත් විජිත හේරත් වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: