hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2023 නොවැම්‍බර් 06, පෙ.ව. 9:57



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද පස්වරු 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ සඳහා අනිවාර්යෙන් සහභාගී වන ලෙස ආණ්ඩු පක්ෂයේ සියළු මැති ඇමතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

ඉදිරි වසර සඳහා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ආණ්ඩු පක්ෂයේ සියළු මැති ඇමතිවරුන් එකට හමුවන අවසන් අවස්ථාව මෙය විය හැකි බවද දැනගන්නට ඇත.

දැනට පොදුජන පෙරමුණේ ඇති විශේෂ ගැටළු කිහිපයක් එහිදී ජනාධිපතිවරයා සමඟ සාකච්චා කිරීමට කටයුතු කරන බව එම පක්ෂයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියා.

ඊට අමතරව දැනට පොහොට්ටුවෙන් ස්වාධින වී ජනාධිපතිවරයාට සහාය දෙන මන්ත්‍රීවරුන් සහ පොහොට්ටුවේ මැති ඇමතිවරුන්ගේ මත ගැටුම් නිසා ඇතිවී තිබෙන අර්බුධකාරී තත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්චා කිරීමට නියමිත බවද වාර්තාවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: