hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 අප්‍රේල් 25, පෙ.ව. 9:43



අයි.එම්.එෆ් විවාදයට දිගටම සහභාගි වන්නැයි ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබෙනවා.

විවාදයෙන් අනතුරුව පනත සම්බන්ධයෙන් ඡන්ද විමසීමක්ද පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල (ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම) පිළිබඳ  යෝජනාව හෙට (26) අනිද්දා (27) සහ ලබන 28 වැනිදා විවාදයට ගැනීමට නියමිතයි.

තිරසර ආර්ථික වර්ධනයක් සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹි ඇමරිකානු ඩොලර් කෝටි 30ක  විස්තීරණ අරමුදල් පහසුකමට අදාළ සැකසුම ජනාධිපතිවරයා විසින් පසුගිය මාර්තු 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එම සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලුම අනුමැතිය, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට ලබාදිය යුතු යැයි මෙම යෝජනාවෙන් ඉදිරිපත් කෙරනවා.

පාර්ලිමේන්තුව ලබන 25 සිට 28 දක්වා රැස්වීමට නියමිතයි. මෙම සෑම දිනකම පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: