hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 08, ප.ව. 3:36



මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඔහු මෙම උපදෙස් ලබා දුන්නේ, මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට අද (08) පෙරවරුවේ එක්වෙමින්.

එමෙන් ම සෑම පෝස්ටරයකම තම ඡායාරූපය ප්‍රදර්ශනය කර ගැනීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා අනෙකුත් දේශපාලන නායකයින්ගෙන් ඉල්ලීමක් කළා.

අද අවශ්‍යව ඇත්තේ ජනතා අවශ්‍යතා ඉටු කිරීම මිස සටන් පාඨ දේශපාලනය නොවන බවයි ඔහු කියා සිටියේ.

තමා සැමදා සටන් පාඨ සහ කටවුට් දේශපාලනයට විරුද්ධ බව රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළා.

අලුතින් සිතා නව දේශපාලන ගමනක් වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බවයි එහි දී ඔහු අවධාරණය කළේ.

මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලය අසල ප්‍රදර්ශනය කර තිබූ විශාල කටවුට් එක ඊයේ රාත්‍රියේ දුටු අවස්ථාවේම එය ඉවත් කරන ලෙස අදාළ පාර්ශ්ව දැනුවත් කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: