2023 මාර්තු 21, ප.ව. 1:25
 
            
ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස මින් ඉදිරියට සැලකිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවය අනුව මෙතැන් සිට රටේ ඉදිරිගමන ගෙනයා යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළා.
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා – IMF එකඟතාවය ගැන විශේෂ ප්‍රකාශයක් කරමින්.
“ඊයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර මණ්ඩලය ශ්‍රී ලංකාව සමග විස්තීර්ණ ණය පහසුකම් එකඟතාවය අනුමත කළා. ඒ අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් තිබෙන බවට සහතික කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාව බංකොලොත් රටක් හැටියට මින් පස්සේ සලකන්නේ නෑ. ඒ නිසා සාමාන්‍ය ගනුදෙනු ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම අපේ විදේශ විනිමය තත්ත්වය දියුණුවෙන්න දියුණුවෙන්න අද ආනයන සීමා ක්‍රමාණූකූලව ඉවත් කරන්න යනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ, සංචාරක ව්‍යාපාරයට වගේ වූවමනා භාණ්ඩ ඒ පළවෙනි වටේට ඇතුළත් වෙනවා. දැන් අපි මෙතන ඉඳලා ඉදිරි ගමන ගෙනියන්න ඕනේ මේ එකඟතායට අනුව. දැනට මාගේ යුතුකම අපිට මේ එකඟතාවය ලබාගන්න ක්‍රියාකරපු රටවල් සියල්ලටම, IMF, ලෝක බැංකුවේ ප්‍රධානීන් දෙදෙනාටත් මගේ ස්තූතිය ප්‍රකාශ කරන්න. මේ ගැන සම්පූර්ණ ප්‍රකාශයක් මම හෙට පාර්ලිමේන්තුවේදි කරනවා. ඒ වගේම ගිවිසුමත් පාර්ලිමේන්තුවේ සභාගත කරනවා.”
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25