2024 මාර්තු 18, ප.ව. 1:23
කෝප් කමිටුවේ සභාපති ධුරය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බව කෝප් කමිටුවේ නව සභාපති රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
මාධ්‍ය හමුවකදී අබේගුණවර්ධන මහතා මෙම අදහස් පල කර සිටියා.
“ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන විජිත හේරත් ගරු මන්ත්‍රීතුමා මට හොරෙක් කියලා කියනවා. එතුමාට පුළුවන් අන්න ඒ චෝදනා අධිකරණය ඉදිරියට ඇවිල්ලා ඉදිරිපත් කරන්න. එනිසා මගේ නීතීඥ මහත්වරු හරහා එන්තරවාසිය ලබන සතියේම යවන්න බලාපොරොත්තු වෙනවා. එතුමාට රිය අනතුරක් සම්බන්ධයෙන් හරි තියෙනවා නඩුවක්. මම දන්නෙ නෑ එතුමා බීලා හිටියාද නැද්ද කියන එක. එතුමාට ට්‍රැෆික් නඩුවක්වත් තියෙනවා, මට ට්‍රැෆික් නඩුවක්වත් නෑ.
ජනතා විමුක්ති පෙරමුණ ඉපදිලා තියෙන්නෙම වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඉරිසියාවෙන්. මම හිතන්නෙ ඒක ජන්ම ගතියක් වෙන්න ඕනෙ. මේක අරින්න බෑ. බල්ලො බිරුවාට කඳු පාත්වෙන්නෙ නෑ. එනිසා ඕනෙ තරම් මඩ ගහන්න, හැබැයි අපි නීතිමය ක්‍රියාමාර්ගය නියත වශයෙන්ම මේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගන්නවා. වෛරය වැඩිකරගන්න එපා, කැතවෙනවා, අවලස්සන වෙනවා, ආයුෂ අඩුවෙනවා”
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
01-07-25
01-07-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
28-06-25
28-06-25
26-06-25
26-06-25
23-06-25
23-06-25
22-06-25
22-06-25
22-06-25
22-06-25