hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2024 ජනවාරි 03, පෙ.ව. 10:00



සමගි ජන බලවේගයට අලුතින් එකතුවන කිසිම මන්ත්‍රීවරයෙකුට පිහිටුවීමට නියමිත සජබ ආණ්ඩුවක ඇමතිකම් ලබා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

එම තත්වය නිසා ඉදිරියට සම්බන්ධ වන මන්ත්‍රීවරුන්ට දැඩි දේශපාලන අස්ථාවර භාවයකට මුහුණ දීමට සිදුවන බවද වාර්තා වෙනවා.

මේ අතර දැනට විපක්ෂය නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද සජබ සමඟ එක්වීමට නියමිත බව ඉහත ආරංචි මාර්ග තහවුරු කළා.

එහෙත් ඔහුගේ කරනමට කුරුණෑගල සජබ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇති බවද වාර්තාවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: