hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 24, පෙ.ව. 9:09



සමගි ජන බලවේගයෙන් ඉවත් වී ආණ්ඩුවට එකතු වීමට යමෙක් අදහස් කරන්නේ නම් එය ඔහුගේ දේශපාලන ගමනේ අවසානය වනු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනතුරු අඟවනවා.

විපක්ෂ නායකවරයා එම අදහස් පළ කළේ මහනුවර ප්‍රදේශයේ පැවැති සමගි ජනබලවේගයේ ජනහමුවක් අමතමින්.

ඉදිරි මැතිවරණවලදී අවස්ථාවාදී දේශපාලඥයින්ට ප්‍රතිචාර දැක්වීමට ජනතාව සුදානමින් පසුවන බවයි විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේ.

එහිදී වැඩිදුරටත් සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළා.

“සමගි ජන බලවේගයෙන් යනවාලු ආණ්ඩුවට. මම එකක් කියන්න කැමතියි කවුරුත්නම් යන්න නැහැ. හැබැයි ගියොත් ඉතින් එයාලගේ දේශපාලන මරණසහතිය තමයි ඒ අය අත්සන් කර ගන්නේ. මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා කව්ද අවස්ථාවාදී දේශපාලනය කරන්නේ. කව්ද සටකපට දේශපාලනයේ නිරත වෙලා සිටින්නේ. කව්ද ජනතාව බිල්ලට තියෙලා ජනතාවගේ කරපිටින් ඡන්ද ගත්ත අය වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ ලබාගන්නට ආණ්ඩුවලට එකතුවෙන්නේ කියලා හොඳින් බලාගෙන ඉන්නවා. දැන් අපි බලන්න විපක්ෂයේ ඉඳගෙන හොඳයි කියලා හිතුනු දේකට අපි උදව් කරනවා.  ඒක අංග සම්පූර්ණ විසඳුම නෙමෙයි. අපි 22 ඡන්දය දුන්නේ ඇයි 20ට වැඩිට ඩින්ගිත්තක් හොඳ නිසා.. චුට්ටිත්තක් හොඳ නිසා. එහෙම නැතිව 22 නෙමෙයි රටේ දේශපාලන ප්‍රශ්නයට තියෙන හොඳම විසඳුම. ඒක අරික්කාලේ විසඳුමක්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: