hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 16, පෙ.ව. 11:36



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවේ අමාත්‍යධූර ලබාගත් මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මිය හමුවී සාකච්ඡා කර තිබෙනවා.

මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ කොළඹ ටොරින්ටන් පෙදෙසේ පිහිටි හිටපු ජනාධිපතිනියගේ නිල නිවසේදීයි.

පසුගියදා පැවැති මෙම සාකච්ඡාව පැය දෙකකට වැඩි කාලයක් පැවති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක සහ ආචාර්ය සුරේන් රාගවන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක එක්ව තිබෙන බව වාර්තා වනවා.

එහිදී වර්තමාන නිදහස් පක්ෂ නායකත්වය හා ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

පක්ෂ නායකත්වයට එරෙහිව වර්තමානයේ නඩු කිහිපයක් විභාගවන බැවින් එවන් පසුබිමක එහි ඉදිරි පැවැත්ම සම්බන්ධයෙන් අවධානමක් පවතින බවට මෙම පිරිස පෙන්වා දී තිබෙනවා.

එහිදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මිය කියා සිටියේ 1994 වසරේ සිට පක්ෂය පාලනය කළ තමන් එම කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යාවස්ථාව වෙනස් නොකළ බවයි.

එහෙත් 2015 පසු පක්ෂ ව්‍යවස්ථාව පවා වෙනස් කිරීමට ක්‍රියාකර ඇති බවයි ඇය පෙන්වා දී ඇත්තේ.

කුමන අර්බුද පැමිණියත් පක්ෂය විනාශ වීමට ඉඩ ලබා නොදිය යුතු බවත්, එය රැකගැනීමට කටයුතු කර යුතු බවත් හිටපු ජනාධිපතිනිය සඳහන් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: