hit counter

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 11, පෙ.ව. 9:30



පාර්ලිමේන්තුවේ අද (11) දිනයේදී යළිත් විවාදයට ගැනීමට නියමිත වැට් බදු පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය ඇමතිකම් දරණ එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ගැටළුවක් වී තිබෙනවා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන නිසා ආණ්ඩුව විසින් ගෙනෙන පනතකට විරුද්ධ වීමට නොහැකි බව ඔවුන් පක්ෂ නායකත්වයට දැනුම් දී ඇති බවද වාර්තා වෙනවා.

එහෙත් නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය ප්‍රකාශ කර ඇත්තේ “පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වැට් (VAT) බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බව ප්‍රකාශ කරමු” යන්නයි.

කෙසේවෙතත් එම පනතට සහාය දක්වනවාද නැද්ද යන්න තවමත් තීරණය කර නොමැති බව ශ්‍රීලනිප ඇමතිවරයෙක් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: