hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 21, පෙ.ව. 10:42



ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් කළකිරීම හේතුවෙන් ආණ්ඩුව දෙදරායාමට ආසන්න බව දේශපාලන ආරංචි මාර්ග හෙළි දරව් කරනවා.

ඊට හේතු වී ඇත්තේ ආණ්ඩුවේ තනතුරු නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් කලකිරීමට පත්ව සිටීම හේතුවෙන්.

එසේ කලකිරුණු හිටපු රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් හිටපු රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිවසේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇති බව වාර්තා වනවා.

එම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාද හමුවී සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කිරීමට සූදානමින් සිටි බව එම ආරංචි මාර්ග සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවමින් ආණ්ඩුවක් පිහිටුවීමට කැපවූ තමන්ට ආණ්ඩුවේ තැනක් නොමැති වීම සම්බන්ධයෙන් මේ පිරිස දැඩි කනගාටුවට පත්ව සිටින බවයි දැනගන්නට ඇත්තේ.

පොහොට්ටුවෙන් බාල්දියක්

මේ අතර ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට මැතිවරණ සඳහා තරග කළ නොහැකි වන බවට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් වගන්තියට විරුද්ධ වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කරන ලද බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.

යම් හෙයකින් එම වගන්තිය සහිතව අදාළ සංශෝධනය ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව පොහොට්ටු මන්ත්‍රීන් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි.

මීට හේතුව ලෙස එම ආරංචි මාර්ග සඳහන් කළේ 22 වැනි සංශෝධනයට මෙය ඇතුළත් කළේ එක් පුද්ගලයකු ඉලක්ක කරගෙන බැවින් ඊට එරෙහි වීමට තීන්දු කර ඇති බවයි.

එසේම 22 වැනි සංශෝධනයේදී පොහොට්ටුවේ මන්ත්‍රීන්ට තමන්ගේ පෞද්ගලික අභිමතය පරිදි ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දීමේ යෝජනාව ගැන අද හෙටම තීන්දුවක් ගැනීමට නියමිතයි.

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ලැබෙන කාලය පාර්ලිමේන්තුව පත්වී වසර 2 ½ නොව වසර 4 ½ ක් විය යුතු යැයි යෝජනා කිරීමටද පොහොට්ටුව තීන්දු කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: