hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 23, පෙ.ව. 3:02



තංගල්ල නගර සභාවේ සභාපති ඩබ්ලිවු.පී. ආරියදාස හා නාගරික මන්ත්‍රී අරලිය එරන්දිම (එ.ජ.නි.ස.) පෙරේදා (21) දින සමගි ජනබල වේගයේ සාමාජිකත්වය ගෙන තිබෙනවා.

සමගි ජනබලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අතින් සමගි ජන බලවේගයේ සමාජිකත්වය ගත් ඔවුන් දෙදෙනා ඉදිරි පලාත් මැතිවරණයේදී තංගල්ල නගර සභාවට සමගි ජනබලවේගයෙන් තරඟ කිරීම සදහා නාමයෝජනා බාර දී තිබෙනවා.

පාර්ලිමෙන්ත්‍ර මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ කාර්යාලයේ මාධ්‍ය හමුවක් පැවති අතර ඊට නගර සභාවේ නගරාධිපතිවරයා හා නාගරික මන්ත්‍රීවරයා ද සහභාගි වුණා.

මාධ්‍ය හමුවේදී දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා කියා සිටියේ තංගල්ල නගර සභාවේ සභාපතිවරයා හා අරලිය එරන්දිම මහතා සමගි ජනබලවේගයට එක්වීම තමන් ලැබූ ජයග්‍රහණයක් බවයි.

තංගල්ල නගරය රාජපක්ෂවරුන්ගේ නොවන බවත් එය අපට අයත් නගරයක් බවත් දිලිප් වෙදආරච්චි පැවසුවා.

සමගි ජනබලවේගයට එක් වු නාගරික මන්ත්‍රීවරයා හා සභාපතිවරයා පැවසුවේ තංගල්ල නගරයේ පුරවැසියන්ට සේවය කිරීමට පොදුජන පෙරමුණේ කණ්ඩායමක් හා ජවිපෙ මන්ත්‍රීවරුන් දෙදෙනා ඉඩ ලබා නොදෙන බවයි.

එම නිසාම වැඩක් කළ හැකි කන්ඩායමක් සමඟ එකතු වීමට තමන් තීරණය කළ බව ඔවුන් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: