hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 9:39



මේවන විට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවීමේ ඉඩකඩක් ඇති බව වාර්තා වනවා.

ඉතා ඉක්මනින් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවනු ඇති බවයි සමගි ජන බලවේගයේ ප්‍රබලයෙකු සඳහන් කළේ.

දැනට ආණ්ඩු පක්ෂයේ ස්වාධීනව කටයුතු කරන තවත් මන්ත්‍රී කණ්ඩායමක් ළඟදීම විපක්ෂයට පැමිණීමටද නියමිත බව වාර්තා වනවා.

ඒ සමඟ ආණ්ඩුවේ මැතිසබා බහුතරය අහිමිවීම ස්ථිර බවයි සමගි ජන බලවේගයේ ප්‍රබලයා සඳහන් කළේ. 

මේ වනවිට කතානායකවරයා ද සමඟ ආණ්ඩු පක්ෂයේ සිටින්නේ මන්ත්‍රීන් හා ඇමැතිවරුන් 119 දෙනෙක්. විපක්ෂයේ පක්ෂ ගණනාවක් නියෝජනය කරමින් මන්ත්‍රීවරු 106ක් සිටිනවා.

දැනට ආණ්ඩු පක්ෂය තුළ ස්වාධීනව සිටින තවත් මන්ත්‍රීන් 10 දෙනෙක් පමණ ඉතා ඉක්මනින් විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.

ඒ සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් සංඛ්‍යාව 110 දෙනෙක් බවට පත්වීමත් සමඟ ආණ්ඩුවට බහුතරය අහිමිවන බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුුවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: