hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 8:30



එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සංවත්සරය අදට යෙදී තිබෙන අතර සිරිකොත පක්ෂ මුලස්ථානයේදී ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව පක්ෂ මූලස්ථානයේදී සර්ව ආගමික වතාවත් සහ දිවංගත පක්ෂ නායකයින්ගේ පිළිරූවලට පුෂ්පෝපහාර දැක්වීමට ද නියමිතයි.

එමෙන්ම පක්ෂ සංවත්සරය නිමිත්තෙන් පක්ෂය ඩිජිටල්කරණයට ලක්කිරීම ද අද සිට ආරම්භ කෙරෙන අතර එහි මුල් පියවර වශයෙන් අන්තර්ජාලය ඔස්සේ පක්ෂය හා සම්බන්ධ වීමට පාක්ෂිකයින්ට අවස්ථාව ලබාදෙන බවයි පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ.

මේ අවස්ථාවට පක්ෂයේ ජේෂ්ඨයින් කිහිප දෙනෙකු එක්වීමට නියමිතව ඇති බවද වාර්තා වෙනවා.

මිට පෙර පක්ෂ සංවත්සරය කොළඹ ලේක්හවුස් ගොඩනැගිල්ල ඉදිරිපිට රථ ගාලේ පැවැත්වීමට නියමිතව තිබූ අතර අයහපත් කාලගුණය හේතුවෙන් එය කල් දැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කළා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: