hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2023 අගෝස්‍තු 18, පෙ.ව. 11:08



අනුර-ටිරාන් සන්ධානය මෝල්ටාවේ මුදල් විශුද්ධිකරණ අයෝජනයක් කළ බවට දුමින්ද නාගමුව කළ හෙළිදරව්ව පිළිබඳ සමාජ මාධ්‍යවල විශාල ආන්දෝලනයක් මතුව ඇතැයි ජන අරගල ව්‍යාපාරයේ විදර්ශන කන්නංගර මහතා පවසනවා.

තමන් දන්නා තරමින් මෙම ආයෝජනය සිදුකර ඇත්තේ මෝල්ටාවේ නොව බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්වල බවයි, ඔහු සඳහන් කළේ.

ටිරාන් අලස්, ධම්මික පෙරේරා වැනි දූෂිත ව්‍යාපාරිකයින් සමඟ පවතින සබඳතා හෙළිදරව් කරන්න යැයි ප්‍රකාශ කළ විට අනුර දිසානායක කැලණියේ දී “අපට ඕන නම් බනිනවා” යැයි වහසි බස් දොඩන බවට ද විදර්ශන කන්නංගර චෝදනා කළා.

අනාගතයේ රට ගොඩනැඟීමට බලය ඉල්ලන ප්‍රගතිශීලි යැයි කියන බලවේගවලට දූෂිත ව්‍යාපාරික වළල්ල සමග පවතින සබඳතා ඉදිරියේදී තවත් හෙළිදරව් වන බව ද හෙතෙම කීවේ ජන අරගල ව්‍යාපාරයේ හමුකට එකතු වෙමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: