hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 06, ප.ව. 2:57



ජේෂ්ඨ මාධ්‍යවේදී ගත් කතුවර මේඝවර්ණ කුමාරසිංහයන්ගේ නවතම කෘතිය වන Megha’s Eloquent Memories – Book Two ඉංග්‍රීසි බසින් රචිත ග්‍රන්ථයේ දොරට වැඩුම ඔක්තෝම්බර් මස 14 වෙනි දින සවස 3.00 ට ආනන්ද විදුහලේ සියවස මන්දිරයේ පැවැත්වෙනවා.

මෙහි ප්‍රධාන දේශනයන් මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, ලේක් හවුස් ආයතනයේ අධ්‍යක්ෂ ධූරය දරන සිසිර පරණතන්ත්‍රී මහතා, ආනන්ද විදුහල්පති ලාල් දිසානායක මහතා, ආනන්ද විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති වෛද්‍ය අතුල කලුආරච්චි මහතා, ජේෂ්ඨ ආනන්දියන්ගේ සංගමයේ සභාපති ආචාර්ය නිමල් හෙට්ටිආරච්චි මහතා, 1954 විදුහලේ ශිෂ්‍ය සංගමයේ ලේකම් රංජිත් මුණසිංහ මහතා විසින් දේශන පවත්වනු ඇත.

මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය වී ඇත්තේ ආනන්ද විදුහලේ කීර්තිමත් විදුහල්පතිවරුන්ගෙත් චරිතාප්‍රදාන සහ ක්‍රීඩාවෙන් දක්ෂකම් පෙන්වූ ක්‍රීඩකයන්ගේ විස්තර මෙම පොතේ අඩංගු වී ඇත.