hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 06, පෙ.ව. 11:17



” කිංස්ලි, නැවත පක්ෂය ගොඩනගන්න ඕන, මට ඔයාව භාණ්ඩාගාරික කරනවා. හරි , හරි මැඩම් , මට පුලුවන් උපරිම ශක්තියෙන් භාරදුන්නු කාර්යය කරන්නන් , මම පලමුව පක්ෂයේ අරමුද ශක්තිමත් කරලා සංවිධායක වරුන්ට සංවිධායක කටයුතු කරන්න පහසුවෙන්න යතුරුපැදි බෙදා දෙන්නම්, හොදයි කිංස්ලි , ඔයාට ඕන ආකාරයට කරන්න.”

1977 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පරාජයේ අමිහිරි සිදුවිම් සමග බණ්ඩාරනායක මැතිනියත්, කිංස්ලි වික්‍රමරත්න මහතාත් අතර ‘රොස්මිට්’ නිවසේ ඇති වු සංවාදයයි.

දකුණු ලක ප්‍රභු පවුලක උපත ලද අප කථානායකවරයා, කොළඹ වෙස්ලි විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ පටන් විවිධ ව්‍යාපාර වල නියැලිමෙන් දස්කම් පෙන්නුවෙකි, නිර්මාණශිලි ශිෂ්‍යයෙකි.නොපසුබට උත්සහයෙන් ඉලක්ක ජයගන්න සමතෙකි.

කිංස්ලි ශුර ව්‍යාපාර ඥාාණය මෙන්ම අන්තර්ජාතික සබඳතා පිළිබඳව මැතිනියට ධර්මසිරි සේනානායක මහතා කිහිප අවස්ථාවකම පවසා තිබෙනවා. ඒ අනුව තමයි මෛත්‍රීපාල සේනානායක , අනුර බණ්ඩාරනායක , කේ.බි.රත්නායක , මහත්වරු ප්‍රධාන පක්ෂ ජෙෂ්ඨයන් සටන සාකච්ඡා කර භාණ්ඩාගාරික තනතුර කිංස්ලිව පත්කලේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගිමට මූලිකයා වුද , සැබෑ නිර්මාතෘවරයා වුද රාජ්‍ය නිතීන්‍ය එච්.සී. නිස්සන්ක මහතාට ලේ ඥාතිත්වයක් ඇති වික්‍රමරත්න මහතා අබල දුබල කල්ලි කණ්ඩායම් වලට ලක්වෙමින් තිබු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශක්තිය දෙන්න මට පෞද්ගලික මිල මුදල් පවා විය පැහැදම් කරමින් කල අමිල මෙහෙවර වර්ථමානයේ පක්ෂයේ වගකිය යුත්තන්ට අමතකව ගොස් තිබිම කණගාටුදායකය.

කිංස්ලි  සැමදා සිටියේ පක්ෂ නායකත්වය සමගය. කල්ලි කණ්ඩායම් කොතෙක් සිටියත් මැතිනියට ආර්ථික සවිය දෙමින්  කටයුතු කලේය.ඇයව ආරක්ෂා කලේය.

1970 – 77 වකවානුවල මිනුවන්ගොඩ මන්ත්‍ර්‍රිවරයා වු මයිකල් සොයිසා සිරිවර්ධන මහතා පීලිප් ඩයස් බණ්ඩාරනායක මහතාට පවසා තිබෙනවා, ” කිංස්ලි මගේ ඥාාතිය, හැබැයි ව්‍යාපාරික ඥාාණය අතින් දක්යෙක්, දේශපාලන තුළින් ව්‍යාපාර කරන්න ඔහුට අවශ්‍ය නෑ. පක්ෂයේ ඕනැම වගකිමක් බාර දෙන්න අවංකව කරයි.  ” ඒ අනුව කඩුවෙල ශ්‍රී.ල.නි.ප. සන්විධායක පදවිය හිමිවිය.

නොදියුණු කඩුවෙල දියුණු කිරිමේ පුරෝගාමියා කිංස්ලිය. ඔහු අනාගත පරපුර විශ්ව ගම්මානයක් කරා කැදවගෙන යාමේ මුල්පියවර තමයි , 90 දශකයේ මුල් වකවානුවේ මාලඹේ ශ්‍රීලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය(SLIIT )

ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් වෙලදාම් කළමනාකරණය හා ජනමාධ්‍ය පිළිබඳ උපාධිය හිමිකරගත් අප කථානායක වරයා ප්‍රායෝගිකව ඉගෙනගත් සියල්ල අත්හදා බලමින් ජනසුව සෙත වෙනුවෙන් අමිල මෙහෙවරක නිරතවන්න විය.

මිතුරු වෙමින් සිටි ඇතැමුන් දේශපාලන වශයෙන් වැරදි උපදෙස් දුන් අවස්ථා නැතුවාම නොවේ. කිංස්ලිගේ අවංකකම , මනුස්සකම තම වාසිය තකා පාවිච්චි කරගත් ඇතැම් අවස්ථාවාදින් ව්‍යාජ ඉලක්ක සපයමින් දේශපාලන වශයෙන් අතරමංකල අවස්ථා නැතුවාම නොවේ.

ඒ සියල්ලා බුදු දහමට අනුව උපේක්ෂාවෙන් බලා කටයුතු කරන්න සමත්විය.

කඩුවෙල ශ්‍රී.ල.නි.ප. ප්‍රධාන කරගෙන වාමවාදී බලකොටු නිර්මාණය කිරීමේ ගෞරවයත් හිමිවන්නේ වික්‍රමරත්න මහතාටය. අදයාපනික වශයෙන් සහ ග්‍රාමීය විදුලි යෝජනා ක්‍රම,මාර්ග පහසුකම්,සෞඛය පහසුකම් ලබාදෙමින් සුවිශාල මෙහෙවරක නිරත වන්නට විය.

නොමගගිය දකුණේ වැරදිකරුවන් නිවැරදි මගට යොමුකර ඔවුනට තාක්ෂණික පුහුණුව ලබාදී දේශීය මෙන්ම විදේශීය රැකියා අවස්තා උදාකර දෙමින් නිහඩ සේවාවක් සිදුකරන්නට යෙදිනි.

සිරිමාවෝ මැතිනියට මෙන්ම චන්ද්‍රිකා  මැතිණියගේත් විශ්වාසය දිනාගත් ඇමතිවරයා වශයෙන් සුවිශාල කාර්යභාරයක් ජනතාව වෙනුවෙන් කරන්නට වුණි.

ශ්‍රී ලංකාව නියොජනය කරමින් ලෝක රටවල් ගණනාවක සාකච්ජා, සම්මන්ත්‍රණ වලට සහභාගි වෙමින් ආර්තික, සාමාජිය මෙන්ම සංස්කෘතික වශයෙන් උදව් උපකාර රටට ලබාගැනීමට දායකත්වය දැක්විණි.

1970 මුල් දශකයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ගෙන උපලේකම්වරයෙක්, භාන්ඩාගාරිකවරයෙක්, ජේශ්‍යට උපසභාපතිවරයෙක් ලෙස පදවි තානාන්තර දරමින් පක්ෂයට උපරිම සේවාවක් ලබාදුන්නේය.මැතිණියගේ විශ්වාසවන්ත කිහිප දෙනා අතර කිංස්ලි ප්‍රමුඛ තැනක් ගත්තේය.ඒ අවංකකම නිර්භීතකම පැවරූ කාර්යය නොපිරිහෙලා ඉටුකිරිම යන කරුනුකාරණා මුල්කරගෙනය. ජාතික හා ජාතයන්තර සංවිධාන කිහිපයකම ඉහළ තනතුරු හෙබවූ කිංස්ලි 1991 විපක්ෂයේ සිටිමින් විකල්ප අයවැය ඉදිරිපත් කරමින් ආර්ඨීක විශ්ලේශකයන්ගේත් දේශපාලන විචාරකයන්ගේත් නොමද පැසසුමට ලක්විය.

දකුණු පළාත් ආණ්ඩුකාර ලෙස සේවය කරමින් සුනාමි වයවසනයෙන් විපතට පත්වූවන්ට මිල කල නොහැකි සේවා කරමින් තම දරණ තනතුරට වටිනාකමක් දුන්නේය. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මුල්පෙලේනායකාරාධානී  “ලොක්කා” යන ආදරණීය වචනයෙන් කතා කර තම ආර්ඨීක අපහසුතාවයන්ට සරණ සොයන්නේ “කිංස්ලි” නම් වූ පරිතයාශීලී ලෙන්ගතු හිතවතාගෙන්‍ ය. නෑ,බෑ නොකිය උපරිමයෙන්ම උදව් උපකාර කරන්න හෙතෙම සූදානමින් සිටියේය.

පොළවේ පයගසන දේශපාලනය නොකරණ දේශිය මෙන්ම අන්තර්ජාතික දේශපාලනය කෙරෙහි අවබෝධය නැති වොයිස් කට් වලින් සංවිධාන කරන ඇතැ ශ්‍රීලංකා නිදහස් පක්ෂ නායකයන් වෙන්න දගලන උදවියට කිංස්ලි වැනි පරිත්‍යාගශීලී නායකයන්ගෙන් ගත හැකි ආදර්ශ බොහොමයි. රටට මෙන්ම පක්ෂයට ජනතාවට සේවාවක් කල වික්‍රමරත්න මහතා කෙටිකලක් රෝගාතුරව සිට් මෙම මස ඔක්තෝබර්  1 වන දිනට දිවංගත වී වසර 15 ගතවේ. එතුමාගේ ගුණ සමරමින් කොළඹ ගංඝාරාම විහාරස්ඨානයේදි දානමය පිංකම් සහ ඉගෙනුමට දක්ෂ දුගී දුප්පත් දරුවන් සදහා පාසල් උපකරණ ලබාදීමට නියමිතය එසේම මෙය සංවිධානය කරනුයේ පවුලේ සමීප ඥාතීන් මෙන්ම හිතුවතුන් පාක්ශිකයන් ප්‍රමුඛ කන්ඩායමක් බැව් සොහොයුරු ආනන්ද වික්‍රමරත්න මහතා පැවසීය.

රටට ණයනැති යුග පුරුෂයානෙනි ඔබට නිවන් සුව……

නිවන් සුව ලැබේවා…

කිංස්ලි වික්‍රමරත්න ගුණසමරු සංසදයේ ප්‍රචාරක ලේකම්, ජගත් ජනකාන්ත ගුණේත්ති…..