hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 22, ප.ව. 4:06



ශ්‍රී ලාංකික ශිල්පියෙකු විසින් සුදු යකඩ යොදා ගනිමින් නිර්මාණය කරන ලද මුර්ති දෙකක් මුල්වරට චීනය විසින් සිය නගර අලංකරණය සඳහා යොදාගෙන තිබෙනවා.

චීනයේ වැඩිම ජනගහනයක් සහිත හතරවන ප්‍රාන්තය වන සිචුවාන්හි අගනගරය වන චෙංග්ඩු හි මෙලෙස ස්ථීර ප්‍රදර්ශනයට තබා ඇත්තේ,

ලලිත් සේනානායක නැමති මූර්ති ශිල්පියා විසින් නිර්මාණය කළ අශ්වයෙකුගේ සහ පියාඹන කුරුල්ලන් දෙදෙනෙකු සහිත මූර්ති දෙකක්.

රටවල් 26ක ශිල්පීන් 30 දෙනෙකු ඉදිරිපත් කළ නිර්මාණ 6ක් චෙංග්ඩු බලධාරීන් විසින් නගර අලංකරණය සඳහා මෙලෙස තෝරාගෙන තිබෙනවා.

මේවා ස්ථාපිත කර ඇති ස්ථානයේ ශ්‍රී ලංකා ධජය ද සටහන් කර ඇති අතර මව් රටට කිර්තියක් ගෙන ඒමට හැකිවීම පිළිබඳව සතුටට පත් වන බවයි ඔහු කියා සිටියේ.

ලලිත් සේනානායක යකඩ උපයෝගී කරගනිමින් මෙරට තුළ ද නිර්මාණ සිදු කර ඇති අතර, වෙරළේ එක්රැස්වන අබලි ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් නිර්මාණය කර උස්වැටකෙයියාව වෙරළ තීරයේ තබා තිබු අලියෙකුගේ රුව මේ වන විට කිසියම් පිරිසක් සොරාගෙන ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.