hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මැයි 22, පෙ.ව. 10:48



පෘථිවි ගෝලයේ ගුරුත්වාකර්ශනය අඩුම ස්ථානය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර ලෙස නාසා ආයතන විසින් හඳුනාගෙන ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළා.

එනිසා එම ස්ථානයේ සිට රොකට් චන්ද්‍රිකා ආදිය කක්ෂගත කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමෙන් රටට ඩොලර් විශාල ප්‍රමාණයක් උපයා ගැනීමට හැකියාව ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය අභ්‍යයවකාශ ෂටල ආදිය කක්ෂගත කිරීමට සුදුසු ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කර හැකි බව ද හෙතෙම කියා සිටියා.

ගුරුත්වාකර්ෂණය අඩු නිසා මෙරට දී අඩුවියදමකින් අහසට යාමේ හැකියාව පවතින බවද ඔහු පෙන්වා දෙනවා.

අඩු ගුරුත්වාකර්ෂණය පෘථිවියෙන් ස්භාවිකවම අපට ලැබුණු දායාදයක් බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

ගුරුත්වාකර්ෂණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් මහාචාර්යවරයා ඒ බව සඳහන් කළා.

“ගුරුත්වාකර්ෂණය අඩු නිසා පොළොවේ ඉඳන් කිසියම් දෙයක් ඉහළට විසිකරන කොට අපි ලබාදීමට අවශ්‍ය ශක්තිය අනෙක් තැන්වලදී කරනවාට වඩා අඩුයි. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත්.. රොකොට්ටුවක් කක්ෂගත කරන්න අමෙරිකාවේ කැනවරල් තුඩුවෙන් යොදන ශක්තියට වඩා අඩු ශක්තියකින් අපේ ලංකා භූමියෙන් රොකොට්ටුවක් ඉහළට ඔසවන්න පුළුවන්. එයත් ආර්ථික වශයෙන් ගත්තාම ඩොලර්ස් වලින් බැලුවොත් විශාල අගයක්. සර් ආතර් සී ක්ලාක් කිව්වා ලංකාව හොඳ ස්ථානයක් අභ්‍යවකාශයට වාහන යවන්න කියලා. පෘථිවියෙන් ස්භාවිකවම අපට ලැබුණු දායාදයක් කියන්න පුවවන් මේ අඩු ගුරුත්වාකර්ෂණය.”

පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ වසර ගණනාවක සිට ගුරුත්වාකර්ෂණයේ වෙනස්වීම සම්බන්ධයෙන් නාසා ආයතනය සිදුකළ පර්යේෂණ ගණනාවකින් අනතුරුවයි.