hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 01, ප.ව. 7:12



මැලේරියා රෝගීන්ට දෙන බෙහෙත් වැරදීමකින් මා පානය කළා.  හදිසියේවත් මේ සිදුවීමෙන් මිය ගියහොත් රියදුරු මහතා නිරපරාදේ නිතිමය ගැටළු රැසකට ලක්වෙනවා. හිරිහැර විඳින්න වෙනවා. ඒ නිසා කරුණාවෙන් පැමිණිල්ලක් වශයෙන් සටහන් කරගන්න. වරකාපොළ පොලිස් ස්ථානාධිපති වරයා හමුවේ  ඉල්ලීමක් කළේය.

 “තමුන් කවුද … මා නීතිඥවරයෙක් පදිංචිය කොළඹ කිරුළපන යමුනා මන්දිරයේ  නම එස් ශ්‍රී නිශ්ශංක හා .. හා… හා ඔබ ගැන අසා තිබෙනවා කියමු බලන්න.

ඉහත ඡේදයේ සටහන් කළ අයුරු ඉතා නිරවුල්ව පවසන්නට විය. මහත්මයා විනාඩියක් අසුන් ගන්න. ස්ථානාධිපතිවරයා එසේ පවසා තම පෞද්ගලික නිල කාමරයට ගොස් සටහන් පොතක් රැගෙන කෙටි සටහනක් යොදා තමාම පොලිස් නිල රථය පදවාගෙන යාමට සූදානම්ව මෙසේ පවසන්නට විය. ”  තමුන් වැදගත් ගුණධර්ම ඇති  පුද්ගලයෙක් අකාලයේ මේ දෙන්න දෙන්න බෑ හරි  යමු මා සමග”  කොළඹ දක්වා රැගෙන විත්  අගනුවර රෝහල වෙත ඇතුළත් කිරීමට වග බලා ගත්තේය. එය මේ සිදුවීම වර්ෂ තිහ දශකයේ මැලේරියා උවදුරින් පීඩාවට පත් සත්කෝරලයේ ජනයාගේ රෝගී දුක නිවන්න ගොස් සිදුවූ අපූර්ව සිදුවීමකි. ඒ අවධියේ වමේ නායකයන් වූ ඇන්.ඇම්, කොල්වින්, ලෙස්ලි, එම්.ජි  සත්කෝරලයේ කඳවුරු බැඳගෙන මැලේරියා රෝගීන් සුවපත්  කිරීමේ කාර්යයේ නිරත වන්නට විය.  නිශ්ශංකයන්ද සැබෑවටම ලෙන්ගතු එම නායකයන් හා උරෙන් උරගැටෙමින් ක්‍රියා කළ බැව් ශ්‍රී නිශ්ශංක සමරු සංසදී හිටපු ලේකම් ශාස්ත්‍රපති මහින්ද රුහුණගේ මහතා වර්ෂ 2012 දී පැවති නිශ්ශංක සමරු දෙසුමකදී පවසා සිටියේය. ආදර්ශවත් රටට ජාතියට මෙවැනි උතුමන් රට ජාතියට ආගමට කළ කී දෑ බොහොමයි අගය කළ යුතුය හෙතෙම වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මෙරට බොදු ප්‍රබෝධයේ මුල් පෙළේ ක්‍රියාකාරයකු වූ නිශ්ශංක මහතා දකුණු ලක බලපිටියේ සුප්‍රකට ගරුමුණි වලව්වේදී 1898 දී හර්බට් ශ්‍රි නිශ්ශංක මෙන්ඩිස් (එස්.සී නිශ්ශංක) නමින් උපත ලැබීය. මවුපියන් වූයේ නිහඬ විද්වතෙකු වූ ද්වේරිස් නිශ්ශංක මෙන්ඩිස් හා අනෝමා වික්‍රමරත්න සොයිසා ළමා තැනීය. කොළඹ ආනන්ද විද්‍යාලයයෙන් ප්‍රාථමික අධ්‍යාපනයත් රාජකීය විද්‍යාලයයෙන් උසස් අධ්‍යාපනයක් ලැබූ මෙතුමා වැඩිදුර නීතිය හැදෑරීමට මවුපියඥාති පිරිසගේත් විශේෂයෙන්ම ශ්‍රීමත් ටී.බී ජයතිලක මැතිදුන්ගේ මග පෙන්වීමෙන් එංගලන්තයේ ඔස්ෆර්ඩ් සරසවියට ඇතුළත් විය. එහිදී බණ්ඩාරනායක හමුවූ අතර ඔහුද නීතිය හැදෑරීමට ගොස් සිටියේය.

වැඩි කලක් යාමට ප්‍රථම දෙදෙනා ලෙන්ගතු මිතුරන්ද වූහ. නීතිය හැදෑරීමට එංගලන්තයේ යාමට ප්‍රථම සිව් වසරක් තාවකාලික පැවිද්ද ලබා බුරුමයේදී බෞද්ධ දර්ශනය හා විවිධ භාවනා ක්‍රම පිළිබඳ ගැඹුරින් හැදෑරීමට යොමු වූ මොහු යම් කෙනෙකුගේ දේහ ලක්ෂණ අනාගතය දැකීමේ විශ්ව ශක්ති බලයක් පැවතුණි. තම සමීප මිතුරාගේ ලක්ෂණ හඳුනාගත් මෙතුමා පියවරෙන් පියවර බටහිර චින්තනය වෙනුවට ශ්‍රී ලාංකික දේශයට ගැලපෙන බණ්ඩාරනායක ගොඩනැංවූයේ අවංක මිතුරෙකු හා ගුරුවරයකු ලෙසිනි. නීති උපාධිය ලැබීමෙන් පසු අප රටට පැමිණ අපරාධ නඩු සම්බන්ධව වර්ෂ 30,40 දශකයේ සිටි පළමු පෙළ නීතිවේදියෙකු ලෙස තම කීර්ති නාමය මේ ශ්‍රී ලංකා දේශය පුරා ප්‍රචලිත වන අයුරින් ක්‍රියා කළේය. ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා පවා මෙතුමා යටතේ කනිෂ්ඨ නීතිඥවරයකු ලෙස පුහුණුව ලැබූ බව ප්‍රකාශ කර ඇත. මොහු සතු තියුණු තාර්කිකබව, වියක්ත කථිකත්වය, ප්‍රසන්න බව නිසාම යසස රට පුරාම වේගයෙන් පැතිර ගියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නමැති ග්‍රාමීය ජනතාවගේ හදවත ස්පර්ශ කළ දැවැන්ත පක්ෂය ගොඩනැගීමේ සැබෑ පුරෝගාමී යා රාජ නීතිඥ නිශ්ශංක මහතා වේ. මූලාශ්‍ර තොරතුරු සමඟින් හිටපු පාර්ලිමේන්තුවේ ලේකම්වරයෙකු සේ දීර්ඝ කාලයක් සේවය කළ නීතිවේදියෙකු මෙන්ම ජේෂ්ඨ පරිපාලන නිලධාරියෙකු සෑම් විජේසිංහ මහතා 2012 දී පැවති නිශ්ශංක සමරුවට එක්වෙමින් පැවසීය. නිදහස් ලංකාවේ ප්‍රථම අගමැතිවරයා බවට බණ්ඩාරනායක මහතා පත්කරන්න “යමුනා”සැසිවාරයේදි නිශ්ශංක ගත් උත්සාහය සාර්ථක උනත්  බණ්ඩාර නායක ප්‍රතික්ෂේප කළේ ජ්‍යෙෂ්ඨ (ඩි.එස් ට) ඩී.එස්.සේනනායක කී විට නොසතුටින් පසුවිය. “බණ්ඩා උඹ මහ මොඩයෙක්” බැව් ප්‍රකාශකල අයුරුද  සිහිපත් වෙන බැව් දීර්ඝ මතක සටහන් එක් කරමින් විජේසිංහ මහතා පවසයි.

ශ්‍රී නිශ්ශංක මහතාගේ දේශපාලනික ආගමික සාමාජික මෙහෙවර සිදුකිරීමට උපරිම නිදහස තම ආදරණීය බිරිඳ වූ මියුරියල් නිශ්ශංක මැතිණිය ලබාදුන්නාය.යමුනා, ගීතා රංජිත් දූ දරුවන්ය. ආචාර්ය අවන්ති නිශ්ශංක කරුණාරත්න, මහාචාර්ය රන්දිව් නිශ්ශංක කරුණාරත්න, ඉංජිනේරු දැඩිමුණි රන්ජන් අබේසේකර දේවිකා වික්‍රමරත්න 2022 දී එංගලන්තයේදි ලොව හොඳම වේදිකා නළුවා වු ඉරාන් මිහිඳු අබේසේකර ප්‍රමුඛ මුණුබුරු මිනිබිරියෝ නිශ්ශංක නාමය ඉදිරියට යමින් සිය මෙහෙවරයේ යෙදිමින් නිශ්ශංක සමරු සංසදය හා බැඳී සිටීම සතුටට කරුණකි.

කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ බහු වාර්ගික, බහු ආගමික  ජනතාව නිශ්ශංක මහතා කොළඹ නගර සභාවට තෝරාපත්කර යැවිය. එමෙන්ම පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කුරුණෑගල ජනතාව නියෝජනය කරමින් තේරිපත්විය. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති ලෙස තෙවරක් පත් වූ අතර රජයේ විවිධ උසස් තනතුරු ඉසුලූහ. ලංකාව නියෝජනය කරමින් විදෙස් රටවල සම්මන්ත්‍රණ වලට එක්වෙමින් රටට කීර්ති නාමයක් අත්කර දී ඇත.

ගත්කරු ගත් කතුවරයකු ලෙසින් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය, එංගලන්ත ඉතිහාසය, සල්ගල පුදබිම, ඇතුගල් පුර සටන, හෙළදිව හා සංඛනාදය යන සගරා හා පුවත්පත් සංස්කරණය කරමින් මතක සිටින මෙහෙවරයක නිරත විය.

තමාගේ නමේ මුල්කුරු වන ශ්‍රී නී උපයෝගී කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගා එහි වර්ණය, ලාංඡනය හා ව්‍යවස්ථාව සකස් කර පක්ෂය ඉදිරියට ගෙනයාමට තම විශ්වාසවන්ත ළෙන්ගතු මිතුරා වූ බණ්ඩාරනායකට පැවරු  බෝධිසත්ව ගති ගුණවලින් හෙබි මෙතුමා 1957 පෙබරවාරි 26 වයස 54 සපිරෙත්ම යමුනා මන්දිරයේ බුදුරුව දෙස බලාගෙනම අවසන් හුස්ම හෙළිය. මෙතුමාගේ යමුනා මන්දිරය වර්තමානයේ “යමුනා සදහම් ආශ්‍රමය” ලෙසින් මහා සංඝයාට පූජා කර ඇත.

බොල් පුහු චරිත මතුවන යුගයක පැහැබර ශ්‍රී ලංකාවක් ගැන මහත් බලාපොරොත්තුවෙන් සිටි අභිමානවත් යුග පුරුෂයකු පිළිබඳ සැමරීම සත්‍ය වශයෙන්ම සතුටට කරුණක්  බැව් නිශ්ශංක සමරුවකදී වර්ෂ 2014 දී මහාධිකරණ විනිසුරු සී.වි රාජපක්ෂ මහතා පැවසූ වදන  කාලයට උචිත වන්නේය.  නිශ්ශංකලා වැනි සියදාස් ගණනක් දේශප්‍රේමී මිනිසුන් බිහි විය යුතු යුගයක ජීවත්ව සිටින්නෙමු.

මෙතුමාගේ හැත්තෑ වෙන ගුණ සමරුව යෙදෙන පෙබරවාරි 26 වෙනිදා ගාල්ල රත්ගම මෙත්මග භාවනා මධ්‍යස්ථානයට අනුබද්ධ “මෙත් මග”බෞද්ධ නාලිකාව ඔස්සේ  දහම් දෙසුමකි. දුගී දුප්පත් පාසල් දරුවන්ට පාසල් උපකරණ ප්‍රධානය සමරු සංසදයේ අනුශාසක බ්‍රාහ්මණ වත්තේ සිරිධම්ම, කනුමුල්දෙනියේ සුගුණ වංශ, ශාස්ත්‍රපති ඕවිටගමුවේ සංගශීල හිමියන්ගේ අනුශාසනාව පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

රාජනිතිඥ නිශ්ශංක සමරු සංසදයේ ලේකම්  ජගත් ජනකාන්ත ගුණෙත්ති