hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 24, පෙ.ව. 11:15



නව සැපයුම්කරුවෙක් විසින් ශ්‍රී ලංකාවට ලබාගත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාව අද දිනයේදී දිවයිනට ළඟා විමට නියමිත බව වාර්තා වෙනවා.

මේ වන විට ශ්‍රි ලංකාව සතුව ඇත්තේ සීමිත පෙට්‍රල් සංචිතයක් වන අතර ඒවා සීමිතව බෙදා හැරීම හේතුවෙන් ඉන්ධන හල් අසළ පෙට්‍රල් වෙනුවෙන් දැඩි පෝලිම් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේදී ‌ඉන්ධන මිල වැඩිකිරීමේ ඉඩක් ඇති පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබෙනවා.

එම පුවත්පත් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙලෙස ඉන්ධන මිල ඉහළ යනු ඇති බවයි.

ඒ අනුව 92 සහ 95 වර්ගවල පෙට්‍රල් ලීටරයක මිල 70ත් 80ත් අතර මිලකින් සහ ඩීසල් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 50ත් 70ත් අතර මිලකින් ඉහළ දමනු ඇති බවයි වාර්තා වන්නේ.

මිල සූත්‍රයට අනුව සිදුකළ අවසන් මිල ඉහළ දැමීමට අනුව මේ වනවිට 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 420කි.

මේ වනවිට මෙරට 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 450ක් වන අතර ඩීසල් ලීටරයක් රුපියල් 400ක් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 445ක් වෙයි.