hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 12, ප.ව. 1:20



පාට පාට හීන පේන,
පාවෙන සුදු පිහාටුවක්,
වටහා ගනීද පසුකර නොයාද
මේ ජීවිතේ, එකම මොහොත මෙයමයි…..
මේ ජීවිතේ, එකම මොහොත මෙයමයි…..
ගිනි දියවෙයි හිම ඇවිලෙයි දෑස් බරයි කඳුළු මිදෙයි සිතිවිලි උණුසුම්
ගයන්න හයියෙන් … (සහෝ)

කැලණි විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ කුළුදූල් සිනමා නිර්මාණය සහෝ

සරසවි ආදරය, කුතුහලය, නිදහස, සිහින පෙරදැරි කරගත් යෞවනත්වයේ සොදුරු වින්දනය සොයා යන ගමනාන්තය විදින්න ප්‍රේක්ෂක ඔබට සුහද ආරාධනා.

ඉකුත් අප්‍රේල් 4 ගුවන් විදුලි සංස්ථා ශ්‍රවණාගාරයේ දී සහෝ ගීත එළි දැක්වීම පැවැත්වුණු අතර අප්‍රේල් 6 වෙනිදා මංගල දර්ශනය කලාකරුවන් හා දේශපාලකයන් රැසක් සමගින් ගෝල්ෆේස් PVR සිනමා ශාලාවෙහි පැවැත්විණි. අප්‍රේල් 7 සිට ප්‍රදර්ශනය ඇරඹුනු මෙය දිවයිනේ සිනමාශාලා කිහිපයක තවමත් තිරගත වේ.

දසුන් පතිරණ , ඩිනාරා පුංචි හේවා , හර්ෂි අංජුමාලා, බියංක අමරසිංහ, නිවර්තනා දේවගේ, සොදුරු ලොකුපෝතාගම රංගනයෙන් දායක වන අතර

තිර රචනය , ගී පද රචනය , අධ්‍යක්ශණය මහාචාර්ය ආරියරත්න ඇතුගල , නිෂ්පාදනයෙන් ආචාර්ය බන්දුල ගුණවර්ධන , සම නිෂ්පාදනයෙන් එච්.ඩී. ප්‍රේමසිරි සහ රවීන්ද්‍ර ගුරුගේ එක්ව තිබෙනවා.

කැමරා අධ්‍යක්ෂණයෙන් චන්දන ජයසිංහ,
සංගීත අධ්‍යක්ෂණයෙන් කැලණි විශ්වවිද්‍යාල කථිකාචාර්ය තරුපති මුණසිංහ,ගායනයෙන් ඉන්ද්‍රචාප ලියනගේ සහ උපේකා නිර්මාණී,ශබ්ද පරිපාලනයෙන් ඩිලාන් ගුණවර්ධන ,
කලා අධ්‍යක්ෂණයෙන් ගයාන් මධුසංඛ,
සහය අධ්‍යක්ෂණයෙන් සරත් සේනාරත්න,
නිෂ්පාදන විධායක කැලණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ඉලේකා රුවන් පතිරණ ,
අංග රචනයෙන් ලක්ෂික සංකල්ප,
නිෂ්පාදන කලමණාකරණයෙන් තිලක් වනසිංහ දායක වී තියෙනවා.

ඉන්දියාවේ ගෝල්ඩන් ලීෆ් ඉන්ටනැෂනල් සිනමා සම්මාන උළෙලේදී හොඳම ආසියානු චිත්‍රපටයට හිමි සම්මානය, ඉතාලියේ රොබින්සන් සිනමා උළෙලේදී හොඳම වෘතාන්ත චිත්‍රපටයට හිමි සම්මානය,ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේ දෙවන වටයට නිර්දේශ වීම ආදී ඇමරිකාව ,ජර්මනිය ,එක්සත් රාජධානිය ආදී විදෙස් රටවල් සම්මාන රැසකින් පිදුම් ලැබු සහෝ තුළින් ශ්‍රී ලාංකීය සිනමාවේ නව පරිවර්තනයක් සිදුවනු නොඅනුමානය .

සටහන- වසුන්දරා කුමාරි ධර්මරත්න





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: