hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 09, ප.ව. 3:35



2023 ඔක්තෝම්බර් 01 වැනිදාට යෙදී තිබෙන ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින්  සංවිධානය කරනු ලබන සමස්ථ ලංකා චිත්‍ර, පෝස්ටර් ,කාටුන් තරගාවලිය වන “සිතුවිලි සිත්තම් 2023” සදහා 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන රජයේ, පෞද්ගලික, ජාත්‍යන්තර හා පිරිවෙන් පාසැල් වල ශිෂ්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද, ගුරුවරු, විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල සිසුන්ට ද විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ටද මෙම තරගාවලිය සදහා ඉදිරිපත් විය හැකියි.

ඒ ඒ කාණ්ඩ යටතේ(පාසැල් අංශය/  විවෘත අංශය) පවතින කැමති  මාතෘකාවක් තෝරා ගෙන  සිතට දැනෙන  දේ සිතුවම් කර දිනුම ලබන ජයග්‍රාහකයින්ට  සම්මාන දිනා ගැනීමේ අවස්ථාව හිමි වනු ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි www.childprotection.gov.lk නිල වෙබ් අඩවියට පිවිස හෝ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්  හමුවී ඔබට වැඩි දුර විස්තර දැනගැනීමේ හැකියාව පවතිනු ඇත.

මහජන බැංකුව, විජය පුවත්පත් සමාගම, DSI සපත්තු සමාගම, guru.lk(TV), ජාතික ඉතිරි කිරීමේ බැංකුව,ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යන ආයතන මේ සදහා නිල අනුග්‍රාහක දායකත්වය සපයනු ලැබෙනවා.

නිර්මාණ භාර ගන්නා අවසාන දිනය 2023 අගෝස්තු 11 වන අතර ඊට පෙර ජාතික ලමා ආරක්ෂක අධිකාරියට  ඔබේ නිර්මාණ ගෙනවිත් බාර දීම හෝ  පහත ලිපිනයට ඔබේ නිර්මාණ එවිය යුතු වෙනවා.

සභාපති,ජාතික ලමා ආරක්ෂක අධිකාරිය, තැ.පෙ.330,තලවතුගොඩ පාර,මාදිවෙල,ශ්‍රී ජයවර්ධනපුර.

සටහන – වසුන්දරා කුමාරි ධර්මරත්න