hit counter

2024 දෙසැම්‍බර් මස 06 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 20, ප.ව. 10:27



ප්‍රවීණ ලේඛකයකු , කවියෙකු, ගීත රචකයකු හා පුවත්පත් කලාවේදියකු වු තලංගම ප්‍රේමදාස මහතාණන් අප අතරින් වෙන් වී ඔක්තෝබර් මස 24 වන දිනට වසර 37ක් සපිරේ.

1932 ජනවාරි 21වන දින තලංගම දී උපත ලද එතුමා කුඩා කල පටන් ගද්‍යටත් පද්‍යටත් ඇලුම් කලේය.

1940 වසරේ දී සිරි අය්යාගේ ( යූ. එ. ඇස්. පෙරේරා ) ළමා පිටියෙන් ගුවන් විදුලියට සම්බන්ධ වූ එතුමා ‘සද්ධර්මලංකාරයෙන්” නම් නාට්‍ය මාලාවක් ද, සියයකට අධික විවිධ විචිත්‍රංග රැසක් ගුවන් විදුලියට නිර්මාණය කලේය.

තලංගම ප්‍රේමදාසයන් අතින් ලියැවුණු ගීත අතර සෝමතිලක ජයමහ ගායනා කරන ” දස බිම්බර මාර සෙනග”, බුදු හිමිගේ මුව කමලේ” , විල්බට් ඇන්තනී ගායනා කරන ” හිරු පායා එන සුන්දර මොහොතක” , බන්ධුල විජේවීර ගයන ” මිතුරනි ඉපදුන සිංහල දේසේ” වැනි ගීත ඉතා ජනප්‍රියත්වයට පත්විය.

එතුමා අතින් “බයිසිකල් හොරා ” චිත්‍රපට යට මිල්ටන් පෙරේරා විසින් ගායනා කරන ලද “ජීවිත රෝදේ කැරකෙනවා” ගීතයත් , ” කතුරු මුවත්” චිත්‍රපටයට තේමා ගීතයත් ලියැවුනී.

ළමා සාහිත්‍යය ට අගනා මෙහෙයක් ඉටුකළ එතුමා “සූකිරි” හා “යහළු” ළමා පුවත්පත් වල කතුවරයා විය . එතුමා විසින් රච්ත් ” ජගත් සුරංගනා කථා ” නැමති කෘතියට යුනෙස්කෝ සම්මානයක්ද හිමි විය. ” පද්‍ය තරංගනී” , ” නව සදක්” , “සිතුවිලි රේඛා ” එතුමා අතින් ලියැවුණු කාව්‍ය ග්‍රන්ථයන්ය.

කලා ලොවට අමරණීය සේවයක් ඉටු කළ තලංගම ප්‍රේමදාස කලාකරුවාණන් 1986 ඔක්තෝබර් 24 වන දින මෙලොවින් සමු ගත්තද එතුමා කළ මෙහෙය අපි මෙසේ අනුස්මරණය කරමු.

Example Image