hit counter

2023 මාර්තු මස 28 වන අඟහරුවාදා

2022 ජූනි 02, ප.ව. 8:52


WhatsApp
Telegram

අග්නිදිග ආසියාවේ විශාලතම පුස්තකාලය ලෙසින් නම් දරා තිබූ යාපනය පුස්තකාලයට ගිනි තබා වසර 41ක් පිරෙයි.

පුස්තකාලය ගිනි ගන්නා අවස්ථාවේදී පුස්තකාලය ඉදිරිපිටදී වෙඩි තැබීම්ද සිදු වූ අතර එහිදී පුස්තකාලයේ සේවය කරන ලද සිව් දෙනෙකු වෙඩි වැදීමෙන් මිය ගොස් තිබුණා.

1981 මැයි 31 රාත්‍රියේ සිට ජුනි 01 සහ 02 දිනවල දක්වා කිසියම් මැර කල්ලියක් විසින් කලබල ඇති කරමින් යාපනය මහජන පුස්තකාලයද ඇතුලු වෙළඳසැල්ද රැසක් ගිනි තබා තිබුණා.

මෙය විසිවන ශත වර්ෂයේ මානව ඉතිහාසයේ පොත් පත් සම්බන්ධයෙන් ගත් කළ ඉතා සාහාසික සිද්ධියකි. ගිනි තැබීමේ අවස්ථාව වන විට 97000 කට වඩා වටිනා ‍පොත් සහ විරල අත් පිටපත් තිබුණු එම පුස්තකාලය ආසියාවේ තිබුණු විශාලතම පුස්තකාලයන්ගෙන් එකක් වුණා.

යාපනය පුස්ථකාලය ගිනිතැබීම දෙමළ සංස්කෘතිය පමණක් ගිනි තැබීමක් නොව මුලු මහත් ශ්‍රීලංකාවේම ජනතාවගේ වටිනා සංස්කෘතීන් රැසක් අහිමි වීමක් බවට විද්වතුන් මත පල කර සිටිනවා.