hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 09, පෙ.ව. 11:40



ෂම්මි සිල්වා ඇතුළු  දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව පාර්ලිමේන්තුව තුළ යෝජනාවක් සම්මත කර ගැනීම සඳහා විවාදයක් පවතින අවස්ථාවේ දී ටොරාන්ටන් ලංකා බැංකුවේ පවත්වාගෙන යන ශ්‍රී ලංකා ක්‍රිකට් ගිණුමෙන් ඩොලර් මිලියන දෙකක මුදලක් ඉවත් කිරීමට මේ මොහොතේ සූදානම් වන බවට තොරතුරු සැලවන්නේ යැයි ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවට දැන්වූවා.

මේ මුදල ඉවත් කරගන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඡන්දයෙන් පත් වුන ලේකම්වරයා රටත් හැර ගොස් ඇති අවස්ථාවක බවත්, මෙවැනි මුදලක් ඉවත් කරගැනීම සඳහා ලේකම්වරයාගේ අනුමැතිය අනිවාර්යයෙන් ලබා ගත යුතුව තිබිය දි ඔවුන් එම මුදල ඉවත් කරගන්නේ කෙසේද, කුමක් සදහා ද යන්න  විමසා බැලිය යුතු බවත් ඇමතිවරයා කතානායකවරයාට දන්වා සිටියේ.

මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, “නිදහස් චතුරස්‍රයේ ඇති ගිණුමෙන් ඩොලර් මිලියන 2ක මුදලක් ගන්න කටයුතු කරනවා කියලා මට පණිවුඩයක් ලැබුණා. පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නය තියෙන නිසා කළමනාකාරතුමා ඉහළින් මේ ගැන උපදෙස් ඉල්ලලා තියෙනවා. පාර්ලිමේන්තුවට තියෙන බලය ගැන විමසන්න ශ්‍රේෂ්ඨාධිකරණය මතය විමසන්න යනවා කියලා අපි මාධ්‍යයෙන් දැක්කා. මේ ගිණුම්වල මුදල් ගැනීම සහ පැහැදිලි දුෂණයක් තියෙනවා. මේ අයගේ ගමන් බලපත්‍ර අත්හිටුවන්න මොකද්ද අපිට ගන්න පුළුවන් පියවර කියලා බලන්න ඕනේ. එක පුද්ගලයෙක් රටේ නෑ. තවත් කල්මැරීම තුළ මොකද්ද වෙන්නේ කියලා ප්‍රශ්නයක්. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ.” යනුවෙන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: