hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 07, ප.ව. 5:46



ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ අතුරු පාලක කමිටුව මෙලෙස අධිකරණ නියෝගයක් මත තාවකාලිකව අත්හිටුවීමට සම්බන්ධ වූවන් පිළිබඳ, තමන් ඉතිරි මැතිවරණයකදී හෙළි කරන බව අර්ජුන රණතුංග මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙවැනි දේවල් මේ ආකාරයෙන් සිදුවෙද්දී අනාගත තරුණ පරම්පරාවට ක්‍රිකට් යන ක්‍රීඩාව අහිමි වී යන බවයි.

අර්ජුන රණතුංග – “අපිට තවම දැනුම් දීලා නැහැ.. මාධ්‍ය හරහා තමයි මේ දැනුවත් වෙන්නේ අතුරු තහනම් නියෝගයක් අරන් කියලා..අපිව කැඳවලා තිබ්බේ නැහැ උසාවියට.. හැබැයි මම මේ රටේ පුරවැසියෙක් හැටියට මොනම උසාවියක හරි දෙන තීරණයට ඔළුව නමනවා.. මම ඊයෙත් කිව්වා.. මම මේකට එන්න හිටියේ නැහැ.. මම අන්තිම පාරට එනවා මේ ටික හදන්න.. මොකද මටත් පොඩි කැක්කුමක් තිබ්බා මේ ක්‍රිකට් එක මම ගොඩ දාලා දෙන්න ඕනේ කියලා..

හැබයි මෙච්චර වැරදි කරපු ඔඩිට ජෙනරල්තුමා විසින් වැරදි කාරයෝ කරපු මිනිස්සුන්ට උසාවියට රෙදි ඇඳගෙන ගිහිල්ලා මෙවැනි තත්ත්වයකට වෙනවා නම්, මම ඒ ගැන කලබල වෙන්නේ නැහැ.. හැබැයි මේ රටේ මහජනතාව දැන ගනී ඉස්සරහට මේ දේශපාලන බලපෑම් කියන්නේ මොනවද කියලා.. මම හරි කනගාටු වෙනවා.. මම අද ඇත්තටම කළකිරුණා අද රටේ හැමතැනම මුදලට යට වෙලා තියෙන වෙලාවක මම හිතුවා ක්‍රිකට් ටික මට හදලා දෙන්න පුළුවන් කියලා..

ඉතිං මම ඒ ගැන කනගාටු වෙනවා.. මේකෙන් මට මුකුත් නැති වෙන්නේ නැහැ.. තරුණ පරම්පරාවට ක්‍රිකට් ටික නැති වෙයි.. රටට ක්‍රිකට් ටික නැති වෙයි.. මේ ක්‍රිකට් ආයතනයේ ඉන්න මිනිස්සු ටිකට හොඳ වෙයි.. හැබැයි මේ රටේ ක්‍රිකට් මෙච්චර නරකට ගිහිල්ලා ඉදිරි කාලයේ දී තවත් පස්සටම ගිහිල්ලා යන දවසට ඊළඟ මැතිවරණය එනකොට මම හරියට කියන්නම් මේවයේ පස්සේ ඉන්නේ කවුද? මේවා වෙනස් කරන්න හැදුවේ කවුද? මේ ක්‍රමවේදය මම දැන්මම කියන්නේ නැහැ.. මම හරි වේලාවට කියන්නම්..”

මාධ්‍යවේදියා – දැන් සති දෙකකට තමයි මේ කාල සීමාව දීලා තියෙන්නේ. දැන් ගරු අධිකරණය දීලා තියෙන මේ තීන්දුවත් එක්ක දැන් අද ශම්මි සිල්වා මහතාත් නැවත ආයතනයට පැමිණිලා තියෙනවා..

අර්ජුන රණතුංග – ඉතිං එයා යන්න එපැයි.. එයා එතනට යන්නේ මොකටද කියන එක මේ රටම දන්නවා. එයා මේ ක්‍රිකට්වලට ආදරේට ද ගියේ කියන එක අපි දන්නවානේ.. ඉතිං එයා ගියදෙන්.. ඒකනේ ඕනේ වෙලා තිබුණේ.. තව ටිකක් ක්‍රිකට් විනාශ කරන්න දෙන්න..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: