hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 21, ප.ව. 10:05



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලවී තිබෙන ලිංගික බලහත්කාරකම් චෝදනා නඩු විභාගය අද (21දා) ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණය හමුවේ අවසන් කෙරුණා.

මෙම නඩුව විනිසුරු සාරා හගට් ඉදිරියේදී දින 04ක් පුරා විභාග කෙරුණු

අතර, නඩුවේ තීන්දුව මෙම මස 28 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

අද දින නඩු විභාගයේදී ධනුෂ්ක ගුණතිලක ‘ඉවසීමකින් තොරව’ ටින්ඩර් ඇප් එකෙන් ලද ආරාධනාව පසුපස හඹා ගිය බව පැමිණිල්ලේ නීතිඥයින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම අදාළ හමුවීමේ රාත්‍රිය එම කාන්තාව අපේක්ෂා කළ හෝ අවශ්‍ය දේට වඩා බෙහෙවින් වෙනස් වූ බවට පැමිණිල්ලේ නීතිඥයින් සඳහන් කරන අතර ධනුෂ්කගේ නීතීඥයන් අධිකරණයට පවසා ඇත්තේ කාන්තාවගේ සාක්ෂිය කිසි ලෙසකින්වත් විශ්වාස කළ නොහැකි එකක් බවයි.

ධනුෂ්ක ගුණතිලක පසුගිය දින හතරේදී ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ නඩු විභාගයට පෙනී සිටියේ අනුමැතියකින් තොරව ලිංගික අතවර කිරීමේ එක් චෝදනාවකට නිවැරැදිකරු බව අඛණ්ඩවම පවසමිනි.

මෙම චෝදනාව පසුගිය වසරේ නොවැම්බර් 02 වන දින සිඩ්නිහි නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි නිවසේ කාන්තාවක් සමග ලිංගිකව හැසිරීමේ සිද්ධියකට සම්බන්ධ වනවා.

මොවුන් පළමුව සිඩ්නි ඔපෙරා හවුස් අසල ඔපෙරා බාර් එකේදී හමුවී ඇති අතර, එහිදී ඔවුන් වැළඳ ගන්නා ආකාරය සීසීටීවී දර්ශනවලින් පෙන්නුම් කරන අතර පසුව එක්ව මත්පැන් පානය කර තොටුපළ හරහා කාන්තාවගේ නිවසට ආපසු පැමිණ තිබෙනවා.

දෙපාර්ශවයේම අවසන් තර්ක ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුගේ නඩු විභාගය අවසන් කර තිබෙනවා.

‘සාධාරණ සැකයෙන් ඔබ්බට පිළිගත යුතු’ යැයි පැමිණිල්ලේ සාක්‍ෂි උසාවියට පවසමින් ක්‍රිකට් ක්‍රීඩකයා වරදකරු කරන ලෙස විනිසුරු සාරා හගට්ගෙන් එරට රජයේ අභිචෝදක ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් ඉල්ලා තිබෙනවා.

මෙහිදී අනුමැතියකින් තොරව අනාරක්ෂිත ලිංගික එක්වීමකට බල කර ඇති බවත් කොන්ඩමය ඉවත් කර තිබෙනු දැක ඇති බවත් එහෙයින් චෝදනා ඔප්පු වන තාර්කික නිගමනයක් පවතින බවත් ස්ටීඩ්මන් පවසනවා.

ස්ටීඩ්මන් විනිසුරුවරයාට පවසා ඇත්තේ අදාළ හමුවීමේ රාත්‍රිය එම කාන්තාව අපේක්ෂා කළ හෝ අවශ්‍ය දේට වඩා බෙහෙවින් වෙනස් වූ බවයි.

එමෙන්ම මෙම ක්‍රිකට් ක්‍රීඩකයා රළු පුද්ගලයෙකු බවත්, කාන්තාවගේ ඉල්ලීම් හෝ සීමාවන් කිසිවක් සැලකිල්ලක් හෝ ගෞරවයක් නොදැක්වූ බවත් රජයේ අභිචෝදකයා පවසනවා.

නඩු විභාගයේදී මීට පෙර උසාවියට ඉදිරිපත් කරන ලද ඔහුගේ පොලිස් සම්මුඛ සාකච්ඡාවේදී ගුණතිලක මහතා පොලිසියට පැවසුවේ තමා කොන්ඩම් නොමැතිව ලිංගිකව හැසිරීමට කැමති නමුත් ඔවුන් හමුවීමේදී එය භාවිත කිරීමට අවශ්‍ය නැති බවට කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි.

ගුණතිලක මහතාගේ නීතීඥ මුරුගන් තංගරාජ් අධිකරණයට කියා සිටියේ වින්දිතයා චෝදනා කරන පුද්ගලයා ‘මෝර්ෆ්’ කර ‘චෝදනාවට ගැළපෙන පරිදි හැඩගැසුණු’ ආඛ්‍යානයක් ඉදිරිපත් කර ඇති බවයි.

මෙහිදී ‘මොර්ෆ්’ (Morphing) යනු අන්තර්ජාලයේ ඇති morphing මෙවලම් භාවිතයෙන් පුද්ගලයාගේ පින්තූර වෙනස් කිරීම හෝ වෙනස් කිරීමයි.

ඔහු කියා සිටියේ කාන්තාව ඇයගේ සාක්ෂිය පුරා මෙන්ම පොලිසියට දුන් ප්‍රකාශ දෙකෙහිම ව්‍යාජ සාක්ෂි ලබා දුන් බවයි.

මෙම ලිංගික බලහත්කාරකම් සිද්ධියේදී විරාමයක් නොතිබූ බවට වන ප්‍රකාශ ‘සාක්‍ෂි අනුව තිරසාර නොවන’ බව සහ පදනම් විරහිත බව ධනුෂ්කගේ නීතිඥ තංගරාජ් මහතා පවසනවා.

ගුණතිලක මහතා කෙසේ හෝ කාන්තාවගේ අනුදැනුමකින් තොරව කොන්ඩමය ඉවත් කළ බවට කිසිදු පදනමක් මත ඔප්පු කිරීමට නොහැකි වී තිබෙන බවද නීතිඥ තංගරාජ් තර්ක කර තිබෙනවා.

මෙම කාන්තාව හිතාමතාම ඇයගේ සාක්ෂිවල යම් යම් අංග අතහැර දමා තිබෙන බවද මෙහිදී ධනුෂ්කගේ නීතිඥවරයා ප්‍රශ්න කර තිබෙනවා.

‘ඇය පොලිසියට ප්‍රකාශ කළ පරිදි කොන්ඩමය ගැලවී ගිය බවට ඇති විශ්වාසය ඇය කිහිප දෙනෙකුට ප්‍රකාශ කළ අවිනිශ්චිතතාවට වඩා හාත්පසින්ම වෙනස් බව ඔහු පවසනවා.

මෙම සතිය මුලදී, එම කාන්තාව අධිකරණයට පැවසුවේ ගුණතිලක මහතා සමග යහන මත වාඩි වී සිටියදී ඔහු ඔහු ඇයව පිටුපසට තල්ලු කර බලහත්කාරයෙන් සිපගෙන ඇයට හිරිහැර කළ බවයි.

පසුව එම කාන්තාව ගුණතිලක මහතා තම කාමරයට කැඳවාගෙන ගොස් ඉටිපන්දම් දල්වා නිරුවතින් ඇඳ මත වැතිර සිටි බව අධිකරණයට දන්වා ඇත.

ඇය විස්තර කළ පරිදි යහන මත මේ සියල්ල සිදු වූ බව පැවසීම සම්පූර්ණයෙන්ම තර්කානුකූල නොවන බවත් පසුව ඇය පවසන ‘අපි මගේ කාමරයට යමු, නිදන කාමරයේ ඉටිපන්දම් දල්වන්නෙමු’ යන ප්‍රකාශ පරස්පර බව තංගරාජ් මහතා පවසනවා.

පොලිසිය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ගුණතිලක මහතා පැවසුවේ ලිංගික ක්‍රියාවක් සිදු වීමට ඉඩක් ඇතැයි තමා නොසිතූ නිසා තමා එදින රාත්‍රියේ කොන්ඩම් ළඟ තබා නොගත් බවයි.

නමුත් උසාවියට දන්වා ඇත්තේ ඔහු සන්තකයේ ඔතා තිබූ කොන්ඩම් දෙකක් සොයාගත් බවයි.

‘ඔහු කොන්ඩම් භාවිත කිරීමට කැමති කෙනෙකු නොවන්නේ නම්, ඔහු එය ලබා ගන්නේ ඇයි’ නීතිඥ තංගරාජ් මහතා ප්‍රශ්න කරනවා.

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක

“අනාගතය සහ පසුගිය ආත්මය ගැන කියන්න පුළුවන් කියලා ඇය කිව්වහම ඒ ගැන මට උනන්දුවක් ඇතිවුණා. බෞද්ධයෙකු විදයට අපි හඳහන් බලනවා සෑම මාස 2කට වරක් වගේ. මගේ අම්මයි එය පරීක්ෂා කරන්නේ. මම හිතුවා එය උනන්දුව දනවන සුළු සංවාදයක් කියා.”

පොලිස් කාන්තාව, – “ඔබ මොනව හරි පරීක්ෂා කරන බව කිව්වද ?”

අනෙක් පොලිස් නිලධාරියා – “හඳහන”

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, – “හඳහන”

පොලිස් කාන්තාව – “ඔබ ඔබගේ මව ගැන මොනවවත් කිව්වද ?’

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, –  

“මම කිව්වේ මගේ අම්මා මාස දෙක තුනකට වරක් හඳහන පරීක්ෂා කරන බව. ඒක එක අතකින් ආශීර්වාදයක් වගේ. එතකොට අපි පන්සලට ගොස් ආගමික කටයුතු වගේ දේ කරනවා. ඒ හඳහන් විශ්වාස කරන අය ගැන මම කිව්වේ. ඇය කිව්වා ඇයට එම බලය තිබෙන බව. මමත් දැනං හිටියා හාමුදුරුවෝ කෙනෙකුට හෝ කිහිපදෙනෙකුට පමණක් එවැනි බලයක් තිබිය හැකි බව. ඒ බුද්ධාගම අනුව. ඔව් මට ඉතිං උනන්දුවක් ඇති වුණා. මට මතකයි මම හිනාවෙලා ඇයගෙන් ඇහුවා.. ගිය ආත්මේ මම කවුරුන්ද කියා ? ඇය දෑස් පියාගෙන මොනව කළාද කියා මම දන්නේ නැහැ. ඇය කිව්වා ඇය සහ මම තායිලන්තයේ අසල්වැසියන් ලෙස සිටි බව. අපි තායිලන්තයේ ඉපදී ඇය හා අසල්වාසීන් ලෙස ජීවත් වූ බව ඇය කිව්වා.” 

පොලිස් කාන්තාව – “ඔබ සහ ඇය අසල්වැසියන් ?”

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, – ” ඔව්, ගිය ආත්මයේ තායිලන්තයේදි. පසුව මට යම් බියක් ඇතිවුණා. මම දන්නේ නැහැ මට එහෙම හැඟීමක් ඇති වුණේ ඇයිද කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: