hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 25, පෙ.ව. 11:05



ඕස්ට්‍රේලියාව තම පළමු තරඟය පරාජය වී ඇති බැවින් වැඩි පීඩනයක් ඇත්තේ ඕස්ට්‍රේලියාවට බවත් ඇතමුන් මාධ්‍ය ඔස්සේ පර්ත් පිටිය ගැන කියමින් සිදුකරන ප්‍රකාශ එතරම් ගණන් නොගැනිය යුතු බවත් සනත් ජයසූරිය පවසනවා.

“ඕස්ට්‍රේලියාවත් අ ඒගොල්ලන්ගේ පළවෙනි තරඟය පරාජය වෙලා ඉන්නේ. ඉතින් මම හිතන්නේ ශ් රී ලංකා කණ්ඩායමට ඒක තමයි හිතන්න තියෙන්නේ. මොකද අපි අපේ විදියට සෙල්ලම් කරන්න කිසි දේකට බය වෙන්න නරකයි. වැඩිය ප්‍රෙෂර් එකක් දාගන්න නරකයි අනිත් අයට පුළුවන් ලොකු ලොකු දේවල් කියන්න. මම හිතනවා ඕවා ගැන හිතන්න නරකයි. එන බෝලෙට ගහන්න ඕනේ. ඉතින් මම හිතනවා අපේ කට්ටියත් හොඳට කරයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ආසියානු කුසලාන ක්‍රිකට් ශූරයන් සහ 2021 විස්සයි විස්ස ලෝක ශූරයන් ගැටෙන 2022 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය හෙට (25) Perth ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් සවස 4.30ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි තරගය වන මෙය ඕස්ට්‍රේලියාවේ ද දෙවැනි තරගයයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: