hit counter

2025 ඔක්‍තෝබර් මස 11 වන සෙනසුරාදා

2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:09



අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව විසින් කරන ලද තෝරා ගැනීම දෝෂ සහිත නම් එහි අක්‍රමිකතාවක් තිබෙනවා නම්, ව්‍යවස්ථා විරෝධී නම් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

තැන් තැන් වල විවේචනය කිරීම නොව නිසි ක්‍රමවේදය වන්නේ එය බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්වී යම්කිසි කාලයක් ගතව ඇති අතර මේ වන විට ඇතැම් විමර්ශන අවසන් වී අත්අඩංගුවට ගැනීම් සිදුවන පසුබිමක උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම අල්ලස් කොමිසමට ගල් ගැසීම තුළ වෙනත් වුවමනාවක් ඇති බව පෙනෙන්නට තිබෙන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඒ අනුව ජනතාවගේ දෝෂ දර්ශනයට ලක්නොවී ඔවුන්ට අධිකරණය හමුවට යා හැකි බව හෙතෙම සඳහන් කරන ලදී.

ගම්මන්පිල ඇතුළු කණ්ඩායමට අවශ්‍ය ඇත්තේ අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශන අඩපණ කිරීම බව පැහැදිලිව පෙනෙන්නට ඇති බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

”එහෙම අඩපණ කරන්න වුවමනාවක් තියෙන්නේ වංචාවට, දුෂණයට, නාස්තියට එරෙහි කෙනෙකුට නෙවෙයි ඒ අල්ලස් ගත්ත අය දුෂණ ක්‍රියාමාර්ගවල යෙදිච්ච අය ආරක්ෂා කරගන්න ඉන්න කෙනෙකුඅට පමණමයි එහෙම වුවමනාවක් තියෙන්නේ. ” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: