2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 10:11
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් විසින් මෙම මස අගදී බෙංගාල බොක්ක ආශ්‍රිිත ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ ඉඩකඩ වැඩි බවත්, එය ශ්‍රී ලංකාවට ඝෘජුව බලපායිද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් සඳහන් කරයි.
ඒ අනුව ඔහු සඳහන් කළේ මෙම මස 25 වැනි දිනට පසු මෙම කැළඹිලි ස්වභාවය වර්ධනය වීමේ ඉඩකඩ පවතින බවයි. එසේම බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ වර්ධනය වන මෙම කැළඹිලි ස්වභාවය බොහෝදුරට ඉන්දියාව දෙසට ගමන් කිරීමේ හැකියාව වැඩි බවද පවසයි.
මේ අතර අද (17 ) දිනයේදීද රටේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද, වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව සඳහන්.
එමෙන්ම ඊයේ (16) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළදී රටේ වැඩිම වර්ෂාපතනය මාතලේ දිස්ත්‍රික්කයේ බෝවතැන්න ප්‍රදේශයෙන් වාර්තා වුණා.
එම ප්‍රදේශයෙන් මිලි මීටර් 159 ක වර්ෂාපතන තත්ත්වයක් වාර්තා වූ බව සඳහන්.
2025 ඔක්‍තෝබර් 18, ප.ව. 6:25
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 11:06
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:20
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:16
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:13
17-10-25
17-10-25
16-10-25
16-10-25
15-10-25
15-10-25
14-10-25
14-10-25
13-10-25
13-10-25
12-10-25
12-10-25
11-10-25
11-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25
08-10-25
08-10-25
08-10-25
08-10-25
08-10-25
08-10-25