hit counter

2025 ඔක්‍තෝබර් මස 24 වන සිකුරාදා

2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:00



බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද (24) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ය.

උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: