2025 නොවැම්‍බර් 28, පෙ.ව. 12:08
සිය හඬපටයක් විකෘති කොට ඇමතිවරයෙකු ලෙස සිදුකළ චරිත ඝාතනය පිළිබඳ පරීක්ෂණයක් කළ යුතු බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ නීති විරෝධී ලෙස බහාළුම් නිදහස් කර ගැනීමට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරින ලද හඬපටයක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරමිනි.
අදාළ සහල් තොගය රාජ සන්තක කොට නොමිලේ ජනතාවට බෙදා දෙන ලෙස එම ව්‍යාපාරිකයා ඉල්ලා සිටිය ද ඒවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ බැවින් එලෙස බෙදා හැරීමට ක්‍රමවේදයක් නොමැති බව තමන් ඔහුට දැනුම් දුන් බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.
එලෙස රාජ සන්තක කළ ද රේගුවෙන් නිදහස් කර ගැනීමට රු. මිලියන 8.4ක් ගෙවිය යුතුව ඇති බව ඔහුට දැනුම් දුන් බව ද ඇමති හඳුන්නෙත්ති සඳහන් කරයි. ඇමතිවරයා සැක පළ කරන්නේ, හාල් නිදහස් කරගැනීමට නොහැකි වූ නිසා, එම පුද්ගලයා හිතාමතා මෙම සිද්ධිය යූටියුබ්කරුවන් වෙත ලබා දුන්නාද යන්න පිළිබඳව විමර්ශනය කළ යුතු බවයි.
මෙම ව්‍යාජ චෝදනා ඔස්සේ තමන්ගේ කකුලින් අදින්නේ රජයේ වැඩපිළිවෙළ අඩාළ කිරීමට බව ද ආයතන 20ක වගකීම දරන තමන්ට අයවැය විවාදයට වැය කළයුතු කාලය නිකරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කා දැමීමට සිදුව ඇති බව ද හෙතෙම වැඩි දුරටත් කීය.
2025 නොවැම්‍බර් 28, පෙ.ව. 12:18
2025 නොවැම්‍බර් 28, පෙ.ව. 12:11
2025 නොවැම්‍බර් 28, පෙ.ව. 12:08
2025 නොවැම්‍බර් 28, පෙ.ව. 12:07
2025 නොවැම්‍බර් 28, පෙ.ව. 12:06
26-11-25
26-11-25
25-11-25
25-11-25
24-11-25
24-11-25
23-11-25
23-11-25
22-11-25
22-11-25
22-11-25
22-11-25
22-11-25
22-11-25
22-11-25
22-11-25
17-11-25
17-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
13-11-25
13-11-25