hit counter

2026 ජනවාරි මස 11 වන ඉරිදා

2026 ජනවාරි 11, පෙ.ව. 12:00



නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය 2026 ජනවාරි 10 වන දින පෙ.ව. 11.30ට මුලතිව් සිට කිලෝමීටර 20 ක් පමණ නැගෙනහිරින් පිහිටා තිබුණි.

එය අද සවස් කාලයේ මුලතිව් ආසන්නයේ වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇත.

එය අද දින වන විට අඩු පීඩන ප්‍රදේශයක් දක්වා දුර්වල වීමට හැකියාව පවතී. ඒඅනුව අද සිට මෙම පද්ධතියෙන් දිවයිනේ කාලගුණයට ඇති බලපෑම ක්‍රමයෙන් අඩු වේ යැයි අපේක්ෂා කෙරේ.

උතුරු , උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: