2026 මාර්තු 08, පෙ.ව. 12:29
ඉරාන දෙවන නෞකාව ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇත්තේ ඇමරිකානු විරෝධය නොතකා බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
එම නැව කොළඹ වරායට රැගෙන ආවහොත් පහරදීමට සිදුවනු ඇතැයි කොළඹ ඇමරිකානු තානාපති කාර්යාල බලධාරීන් අනතුරු අඟවා ඇති බවත් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා ඒ් අනුව නැව භාරගත නොහැකි බවට ඉරාන තානාපතිවරයාට දැනුම්දී ඇති බවද ඔහු සඳහන් කරයි.
මේ අතර ඉරාන තානාපතිවරයා බස්නාහිර ආණ්ඩුකාරවරයා, නියෝජ්‍ය කතානායකවරයා ඇතුළු සිය මිතුරන් අමතා ජනාධිපතිවරයාට බලපෑම් කර එම තීන්දුව වෙනස් කරගෙන නැව තිරිකුණාමලයට ගෙන ගොස් ඇති බවද විමල් වීරවංශ ප්‍රකාශ කරයි.
මේ වන විට ඇමරිකාව එම නැවියන් පිරිස නැවත නොයවන ලෙස ලංකාවට දැනුම් දී ඇති නිසා ඔවුන් නැවත පිටත්කර හැරීමේදී අනතුරක් වුවහොත් ලංකාවට චෝදනා කළ හැකි බවද අප කැමති වුවද අකමැති වුවද ලංකාව එම යුද්ධයේ අනියම් කොටස්කරුවෙකු බවට පත්ව ඇති බවද ඔහු පෙන්වා දෙයි.
2026 මාර්තු 08, පෙ.ව. 12:37
2026 මාර්තු 08, පෙ.ව. 12:19
2026 මාර්තු 08, පෙ.ව. 12:19
2026 මාර්තු 08, පෙ.ව. 12:16
2026 මාර්තු 08, පෙ.ව. 12:15
08-03-26
08-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26