hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2026 මාර්තු 15, පෙ.ව. 12:26



මේ දිනවල දිස්ත්‍රික්ක රැසකට බලපා තිබෙන උණුසුම් කාලගුණික තත්ත්වය එළැඹෙන මැයි 25 වැනිදා තෙක් පැවතිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.

මේ හේතුව නිසා ක්‍රීඩා කටයුතු දැඩි අව් රශ්මිය මැද සිදුනොකරන ලෙස පාසල් ක්‍රීඩකයන්ට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.

මෙරටට බලපෑ ඇති අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය දිනවලට සාපේක්ෂව මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින්නේ දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයකි .

ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත්, මොනරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමකට පැමිණ තිබේ .

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ එම අගය උණුසුම් දර්ශකයට අනුව 45 අගය ඉක්මවූ එනම් ‘වැඩි අවධානයක්’ යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: