hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2026 මාර්තු 16, පෙ.ව. 12:31



රටේ ජන්ද දායකයින්ගේ දැනුම බිංදුවට වැටි ඇති බවත් මෙවැනි අවස්ථාවක ශ්‍රී ලංකාව පාලනය කළ යුතු නායකයින් මෙරට තුළ සිටියදී ජනතාව වෙනත් මාවත් තොරාගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සඳහන් කරයි.

එහි පීඩනය ජනතාවට ඉදිරි මාස කිහිපය තුළ භුක්ති විඳීමට සිදුව ඇති බවත් මෙවැනි අවස්ථාවක ශ්‍රී ලංකාව වැනි රටක් පාලනය කිරීමට සුදුසු රාජ්‍ය නායකයා ලෙස හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ නම් කළ හැකි බවද වජිර අබේවර්ධන සඳහන් කරයි.

එහෙත් මෙරට ජනතාව ඔහුට යෝජනා කර ඇත්තේ නිවසට වී සිටින ලෙසත් ඉදිරි මාස කිහිපය තුළ ජනතාවට සිදුවන ගැටලුවලදී ක්‍රියාකරනුයේ කෙසේද යන්න වග එකාබද්ධ විරුද්ධ පක්ෂයක් ලෙස තමා ඇතුලු කණ්ඩායම සංවිධානය වෙමින් සිටින බවද වජිර අබේවර්ධන සඳහන් කරයි.

පාක්ෂික හමුවකින් පසුව පැවැත්වූ ප්‍රවෘත්ති සාක්ච්ඡාවක් අතරතුර වජිර අබේවර්ධන මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: