hit counter

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් 09, පෙ.ව. 12:19



පළාත් රැසකට අද (09) දිනයේ දී මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට සඳහා වලංගු වන පරිදි නිකුත් කළ නිවේදනයෙන් දැනුම් දී ඇත්තේ බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු, උතුරු – මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවය.

එබැවින් එම ප්‍රදේශවල වැසියන්ට විමසිලිමත් වන ලෙස  දැනුම් දී ඇත.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: