hit counter

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් 13, පෙ.ව. 12:10



මැදපෙරදිග යුදමය වාතාවරණයක් පැවතියද, ශ්‍රී ලංකාව කිසි විටෙකත් ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂෙන්හොං මහතා පවසා තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඉහත අදහස් පළ කළේය.

ඔහු තවදුරටත් මෙසේ පැවසීය, මැදපෙරදිග යුද ආතතීන් හේතුවෙන් සමහර රටවල් ඉන්ධන සැපයුම් අර්බුදවලට මුහුණ දී සිටී. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ එවැනි තත්වයක් ඇති නොවන බව අපි තරයේ ප්‍රකාශ කරමු.

එවැනි හිඟයක් ඇති වුවහොත්, ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන චීන සමාගමක් වන ‘සිනොපෙක්’ හරහා එම තත්ත්වයට සාර්ථකව මුහුණ දීමට පියවර ගනු ඇත.

චීනය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන ඓතිහාසික මිත්‍රත්වය මත පදනම්ව, ඕනෑම අභියෝගාත්මක අවස්ථාවක දී ශ්‍රී ලංකාවට සහාය වීමට චීනය අධිෂ්ඨාන කරගෙන සිටී. එබැවින්, ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් රටේ ජනතාවට කිසිදු බියක් ඇති කර ගත යුතු නැත,” ඔහු පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: