hit counter

2026 ජූනි මස 12 වන සිකුරාදා

2026 අප්‍රේල් 15, පෙ.ව. 9:27



අද (15) හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල රාජ්‍ය ආයතන කාර්යාල, සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් රාජ්‍ය සේවකයින් සඳහා සඳුදා සහ ඊයේ (14)  දෙදින පමණක් නිවාඩු හිමි වුණි.

මේ අතර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා ගිය මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි ධාවන අධ්‍යක්ෂ, ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේ, සියලුම පළාත් ප්‍රවාහන අධිකාරීවලට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවය.

මේ අතර අද සාමාන්‍ය කාර්යාල දිනයක් බැවින් කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේ, මගී අවශ්‍යතාව මත අදාළ දුම්රියන් ධාවනය සඳහා එක්කරන බවය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: