hit counter

2026 අප්‍රේල් මස 22 වන බදාදා

2026 අප්‍රේල් 22, පෙ.ව. 10:07



දැඩි හිරු රශ්මිය සහ උණුසුමෙන් මගී ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් යාපනය තිරුනෙල්වේලි මාර්ග සංඥා පිහිටි හන්දියේ තාවකාලික ආවරණයක් ස්ථාපනය කර තිබේ.

ගෝනි රෙදිවලින් සාදන ලද මෙම ආවරණය ස්ථාපනය සඳහා පියවර ගෙන ඇත්තේ නල්ලූර් සභා සාමාජිකයන් විසිනි.

දැඩි උණුසුම යටතේ ගමන් කරන පාපැදි සහ යතුරුපැදි කරුවන්ට තාවකාලික සහනයක් ලබා දීමේ අරමුණින් මෙම ආවරණය පිහිටුවා ඇත.

ඊයේ රාත්‍රියේ ඉදිකරන ලද තාවකාලික ව්‍යුහය මේ වනවිට සංචාරකයන් විසින් භාවිත කරනු ලබන බව වාර්තා වේ.

සමාජ මාධ්‍යවල ද පුළුල් ලෙස සාකච්ඡා කෙරෙන මාතෘකාවක් බවට මෙය පත්ව ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: