hit counter

2026 මැයි මස 23 වන සෙනසුරාදා

2026 මැයි 23, ප.ව. 7:05



මාධ්‍යවේදී / ලේඛක නුවන් ගම්මම්පිල විසින් සිය මුහුණුපොතට හරි අපූරු සටහනක් එකතු කර තිබෙනවා.

මේ වෙනකොට වෙන වසරවල නම් වෙසක් සිරිය හරි අපුරුවට දැකගන්න පුළුවන් වෙනවා.

හැබැයි මෙවර වෙසක් සිරියක්වත් අඩුම පාරේ විකුණන වෙසක් කූඩුවක්වත් දැක ගන්න ලැබෙන්නේ නැහැ.

මිනිස්සුන්ට අමතක වෙච්ච වෙසක් ගැන ඔහු මුහුණු පොතේ තැබූ හරි අපූරු සටහන පහතින්,

බල්ලට වැන්දා

සිවුරට බැන්නා ,

තොපිට අමතක වුනා

හරි වෙසක් පහුවුණා.

අධි වෙසක් දාටවත්

කෝ බොලව් තොරණ් ?

වෙසක් කලාප , අටපට්ටම් ?

වෙනද මේ කාලෙට

කොළඹ ව්තරක්

තොරණ් දාසයක්.

හන්දි ගානේ කූඩු විකුණන

පොඩි කඩම කෝටියක් .

වෙසක් කාලෙට ගෙවල් ඇතුලේ

අපිත් හැදුවා කූඩු මාසයක්.

දාල මෝටර තොරණ් හැදුවා

මිදුලෙ රාශියක් ..

කාලෙ කන්නට උපන් මිනිසුනි ,

දහස් වසරක සංස්කෘතියක් තොපි විසින්

මරා දමමින් සිටී..

කොළඹ වෙසක් තිබූ බවට සෙල්ලිපි

ලියමින් සිටී.

© නුවන් ගම්මම්පිල





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: